Sri Lanka
උණුසුම් පුවත්
ශ්‍රී ලංකා රේගුව මඟින් රඳවා ගෙන සිටින BYD විද්‍යුත් වාහන 506ක් අමතර බැංකු ඇපකරයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මුදාහැරීමට ශ්‍රී ලංකා රේගුව අද (03) අභියාචනාධිකරණය හමුවේ එකඟ විය.අදාළ වාහන ආනයනය කළ ජොන් කිල්ස් ඔටෝ ප්‍රයිවට් ලිමිටඩ් සමාගම විසින් ගොනුකර තිබෙන පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී මෙම එකඟතාවය පළ කෙරුණි.
2025-09-03 04:27 PM
මෙරට සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කරලීමට රජය ගෙනයනු ලබන වැඩපිළිවෙලට ඉන්දුනීසියානු රජයේ සහාය නිබඳව ලබාදෙන බව මෙරට ඉන්දුනීසියානු තානාපතිනිය අවධාරණය කරයි.මෙරට ඉන්දුනීසියානු තානාපතිනි ඩිවි ගුස්ටිනා ටොබිං මහත්මිය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ හමුවක් ඊයේ (01) පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.මෙහි දී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...
2025-09-02 03:20 PM
රෝහල් අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් අද (02) දිනයේ රත්නපුර ශික්ෂණ රෝහලේ සංකේත වැඩවර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.මෙම ගැටලුව සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බවට සෞඛ්‍ය අමාත්‍යංශය මීට පෙර එකඟතාව පළකර තිබුණ ද එම එකඟතාවයන් ක්‍රියාත්මක කිරීමට බලධාරීන් අපොහොසත් වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා...
2025-09-02 12:12 PM
වයි.අයි.එම්.සිල්වා මහතා පුත්තලම දිස්ත්‍රික්කයේ නව දිස්ත්‍රික්ලේකම්/ දිසාපති ලෙස ඉකුත් 01 වැනිදා සිය රාජකාරි ආරම්භ කළේය.2024 වර්ෂයේ දි අනුරාධපුර දිස්ත්‍රික්කයේ නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස සේවය කරන ඒ මහතා 2007 දී ප්‍රාදේශීය ලේකම් තනතුරට පත්වන අතර අනතුරුව 2012 වර්ෂයේ දී ගම්පහ දිස්ත්‍රික්කයේ මිරිගම ප්‍රාදේශීය ලේකම් වරයා...
2025-09-02 12:00 PM
අගෝස්තු මාසය තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 198,235ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි පවසයි.මෙය පසුගිය වසරේ අගෝස්තු මාසයේදී පැමිණි සංඛ්‍යාවට සාපේක්ෂව 20.4%ක වැඩිවීමකි.ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, අගෝස්තු මාසයේදී ඉන්දියාවෙන් සංචාරකයින් 46,473ක් පැමිණ ඇති අතර එය 23.4% කි. තවද, එක්සත් රාජධානියෙන්...
2025-09-02 05:53 AM
යාපනය පුස්තකාලය ඊ-පුස්තකාලයක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්යෙන් අද පෙරවරුවේ ආරම්භ කෙරුණා.ඒ අනුව යාපනය මහජන පුස්තකාලය සඳහා jaffna.dlp.gov.lk වෙබ් අඩවිය හඳුන්වා දීම මෙහිදී සිදු කෙරුණු අතර මේ ව්‍යාපෘතිය මගින් යාපනය මහජන පුස්තකාලයේ ඇති ග්‍රන්ථ අන්තර්ජාලය ඔස්සේ පරිශීලනය කිරීමට හැකියාව ලැබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන්...
2025-09-01 07:27 PM
කළුතර මහා දිසාපති එච්.එම්.එස්.පී හේරත් මහතා කළුතර දිස්ත්‍රික් නව දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස වැඩ භාර ගැනීම අද (1)දිනදී සිදුකෙරිණ.
2025-09-01 06:38 PM
මම අත්අඩංගුවට ගත් වේලාවේ මං වෙනුවෙන් පෙනී සිටි ඔබ සියලු දෙනාටම මාගේ ස්තුතිය පුද කරන බවත් මින් පසු වේලාවක ඔබ මුණගැසෙන්න බලාපොරොත්තු වෙනවා. යළිත් ස්තුතිය පුද කර සිටින බවද රනිල් වික්‍රමසිංහ මහකා පවසයි.
2025-09-01 02:37 PM
මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලත්න මහතා සඳහන් කලේ අදාල තීරණයට පටහැනිව කටයුතු කරන්නට නිතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි. දිනෙන් දින මේ රට සිදු වන රිය අනතුරු අවම කර ගැනීමේ අරමුණින් මෝටර් රථ පණත ප්‍රකාරව රියදුරන්ට සහ මගීන්ට ආසන පටි පැලඳවීම අදියර කිහිපයක් යටතේ අනිවාර්ය කිරීමට රජය...
2025-09-01 02:20 PM
හලාවත - මුන්නේෂ්වරම පූජා භූමිය අවට මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලවි කළ කළ අලවිය සදහා ප්‍රදර්ශණය කිරීමට කටයුතු කළ ව්‍යාපාරිකයින් 13 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කරන ලදි.හලාවත - මුන්නේෂ්වරම පිහිටි ඓතිහාසික ඊශ්වර දේවාලයේ වාර්ෂික මංගල්‍ය සමය මේ දිනවල පැවැත්වේ.එම මංගල්‍ය වෙනුවෙන් දේවාලය අවට ව්‍යාපාරික ස්ථාන රැසක්...
2025-09-01 12:29 PM
මොන සැප විදගෙන සැගවි සැගවි පතාල ක්‍රියාකාරකම් වල නිරත වුවත් ධර්මය අනුව බලන විට ඒ කරන අකුසල් කර්මයට කොයි මොහොතක හෝ ඵල විපාක ලැබෙන බව හොඳින් තේරුම් ගන්න පුළුවන් එක් අවස්ථාවක් තමයි පසුගිය දවසක පිටරට වේලා පතාල ක්‍රියාකාරකම් කරපු අර තරුණයන් අත්අඩංගුවට ගැනීම වන බව ප්‍රසිද්ධ ධර්ම දේශකයාණන් වහන්සේ නමක්...
2025-09-01 07:01 AM
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදු කරනු ලබන සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනයට අදාලව, සැප්තැම්බර් මස ඉන්ධන මිල ගණන් සංශෝධනය වී තිබේ.ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල නොවෙනස් වන අතර පැවති මිල රුපියල් 341කි. ඔක්ටේන් 92 පෙට්‍රල් ලිටරයක් රුපියල් 6කින් පහළ දමා ඇති අතර...
2025-08-31 11:10 PM
වෙන්නප්පුව වැව පාරේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙනෙකුව කඩු වලින් කපා තුවාල සිදු කර අනතුරුව වෙඩි තබා එක් අයෙකුව ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
2025-08-31 04:54 PM
ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන ඊයේ රාත්‍රියේ මෙරටට රැගෙන ආ අපරාධකරුවන් 05 දෙනා ඉදිරි විමර්ශන සඳහා යොමු කර තිබෙනවා. ඒ අනුව කෙහෙල්බද්දර පද්මේල කමාන්ඩෝ සලින්තල පානදුරේ නිලංග යන තිදෙනා ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගියා. දිවයිනට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවන් වන බැකෝ සමන් සහ තැඹිලි ලහිරු යන දෙදෙනා...
2025-08-31 08:17 AM
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ මහාධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.ඒ අද දිනයේ කොළඹ මහාධිකරණය හමුවේ නඩු කටයුත්තකට අදාලව පෙනී සිටි අවස්ථාවේදීය.මෙම නියෝගය මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය විසින් නිකුත් කරන ලදී.අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කරන ලද තවත් නඩුවක් සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකණයට ඉදිරිපත්...
2025-08-29 11:16 AM
සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරය සඳහා අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ තේරී පත්විය.මෙම ධුරය සඳහා වූ නිලවරණය අද (28) පස්වරු 2ට අස්ගිරි මහා විහාරයේ මංගල උපෝසථගාරයේදී එම පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන නාහිමිගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.හිමිවරුන් විසි දෙනෙකු අස්ගිරි කාරක මහා සංඝ සභාව නියෝජනය කරන අතර...
2025-08-28 06:26 PM
2025-08-28 11:41 AM
වැඩ වර්ජනය පැවති අවස්ථාවේ ධාවනය කරන ලද පුද්ගලික බස් රථයකට ගල් ප්‍රහාරයක් එල්ල කළ බව කියන සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 06 දෙනෙකුව වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.ලංගම - පුද්ගලික බස් රථ ඒකාබද්ධ කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් ඉකුත් 26 වැනිදා හලාවත,පුත්තලම සහ වව්නියාව - කොළඹ අතර පුද්ගලික...
2025-08-28 10:24 AM
පුරප්පාඩු වී පවතින අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධූරය සඳහා පැවැත්වෙන නිලවරණය අද (28) පැවැත්වේ.අද පස්වරු 2.00 ට මහනුවර අස්ගිරි මහා විහාරයේ ඓතිහාසික පොහොයගේ හිදී එය පැවැත්වෙන අතර අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඥාණරතන නාහිමිගේ ප්‍රධානත්වයෙන් නිලවරණය පැවැත්වෙන බව සඳහන් වේ.ඒ සඳහා අස්ගිරි කාරක මහා සංඝ සභාවේ හිමිවරුන් 19 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම...
2025-08-28 09:49 AM
2022 වසරේ ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇප මත මුදාහරිණ ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(27) නියම කළා.
2025-08-27 01:51 PM
වැඩිපුරම නරඹන
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට