වයි.අයි.එම්.සිල්වා මහතා පුත්තලම දිස්ත්‍රික්කයේ නව දිස්ත්‍රික්ලේකම්/ දිසාපති ලෙස ඉකුත් 01 වැනිදා සිය රාජකාරි ආරම්භ කළේය.
2024 වර්ෂයේ දි අනුරාධපුර දිස්ත්‍රික්කයේ නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස සේවය කරන ඒ මහතා 2007 දී ප්‍රාදේශීය ලේකම් තනතුරට පත්වන අතර අනතුරුව 2012 වර්ෂයේ දී ගම්පහ දිස්ත්‍රික්කයේ මිරිගම ප්‍රාදේශීය ලේකම් වරයා ලෙස ස්ථානමාරුවීම් ලබයි.
එමෙන්ම වර්ෂ 2020 දි මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට ස්ථාන මාරුවීම් ලබන ඒ මහතා 2021 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ගුවන් තොටුපල රේගු ලෙස උසස්වීම් ලැබීය.
ඉන් අනතුරුව ඒ මහතා 2024 වර්ෂයේ දී රජයේ කර්මාන්ත ශාලාවේ අධ්‍යක්ෂ ( පාලන) ලෙස රාජකාරි අරඹන අතර එම වසරේ සැත්තැම්බර් මස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියට උසස්වීම් ලබයි. අනතුරුව එම වසරේම දෙසැම්බර් මස කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) ලෙස උසස්වීම් ලබා 2025 අගෝස්තු 31 දින දක්වා එම අමාත්‍යාංශයේ රාජකාරි ඉටුකළේය.
ජුඩ් සමන්ත