Sri Lanka
පතාලයට ධර්මයෙන් උත්තර දුන් කාගම සිරිනන්ද හිමියන්.
790 | 2025-09-01 07:01 AM
මොන සැප විදගෙන සැගවි සැගවි පතාල ක්‍රියාකාරකම් වල නිරත වුවත් ධර්මය අනුව බලන විට ඒ කරන අකුසල් කර්මයට කොයි මොහොතක හෝ ඵල විපාක ලැබෙන බව හොඳින් තේරුම් ගන්න පුළුවන් එක් අවස්ථාවක් තමයි පසුගිය දවසක පිටරට වේලා පතාල ක්‍රියාකාරකම් කරපු අර තරුණයන් අත්අඩංගුවට ගැනීම වන බව ප්‍රසිද්ධ ධර්ම දේශකයාණන් වහන්සේ නමක් වන කාගම සිරිනන්ද ස්වාමින් වහන්සේ හෙම්මාතගම මීපිටිය විහාරස්ථානයේ ධර්ම දේශණයක් අතර තුර පැවසීය.
එම ධර්ම දේශණය පවත්වමින් උන්වහන්සේ මෙසේ පවසන්නට විය.
ඔන්න අද ප්‍රවෘත්ති වලට කිවා සැගවේලා හිටපු පතාල අය අත්අඩංගුවට අරන් ඒ රටේ ආරක්ෂක අංශවල අයයි. අපේ රටේ අයයි ලංකාවට ආවා ඒ අය පොලිස්පතිතුමා අමාත්‍යතුමා ඇතුළු කණ්ඩායමක් ගිහින් පිළිගත්තා ඒ රාජකාරිය කරපු නිලධාරීන්. ඒ ළමයි හිතුවේ ඒ ළමයින්ගේ ජිවිත අස්වාදනීය සැපවත් සොදුරු ගමනක් යනවා කියලානේ. අවසානයේ නිමාව. දුක් උල්පතක්. ඒ දුක් උල්පත අපිට තෙරෙන්නේ නැහැ.
මේ පසුගිය කාලේ පොලිස් නිලධාරීයෙක් නෙවෙයි පොලිස් ස්ථානාධිපතිවරයෙක්. පොලිස් බල ප්‍රදේශයක බලලත් නිලධාරීයා තමන්ගේ වයස අවුරුදු 53 ක් තමන්ගේ කර උසට ළමයි ඉන්නවා. බිරිඳත් ඉන්නවා. ලාබාල අවුරුදු 27 ක ගැණු දැරියක් ඉන්න යුධ හමුදා නිලධාරීයකේගේ ගෙදරකට රිංගලා කෝපය වැඩි වුණු යුධ හමුදා නිලධාරීයා හැංගිලා ඉදලා. පොලිස් ස්ථානාධිපති සහ ගැණිටයි. මොල් ගහකින් තඩි ගහනවා.
ගහපු වේගය කොපමණයිද කියනවා නම්. ඇද වියනත් කැඩිලා මොල් ගහත් දෙකට කැඩිලා. හැදේ බුදියන් හිටපු පොලිස් ලොක්කාගෙත් ඔළුවත් දෙකට කැඩිලා. අත්දෙකත් කඩලා කකුල් දෙකත් කඩලා. ගැණි පැනලා බිත්තියට හේත්තු වේලා මොකවත් දන්නේ නැහැ වාගේ මුණ වහගෙන. පත්තිණි අම්මාගේ නංගී වාගේ අතේ තිබ්බ මොල් ගස් බාගෙන් ගහලා තියෙනවා. මුණ කට පොඩි වෙන්න දත් දෙකක් ලේ ගොඩේ තිබ්බා කිවා.
අතන දරුපවුලක් ඉවරයි. මෙතන පවුලක් ඉවරයි. ශ්‍රී ලංකා පොලිසිය ඉවරයි. මිනිහා මැරෙනකම්ම දුක් වින්දා. එදා මැරුනේ නැතිව කර්ම විපාකය වින්දා. දැඩි සත්කාරයේ දාලා මාස ගණනක් ඉදලා හොඳ වුනා. හැබැයි අංග විකලයි මන්ද බුද්ධිකයි. මැරෙනකම්ම විදවන්න එපා යැ.
කාමයට තිබුණු ගිජු බව ඔබ කොච්චරනම් දැකලා තිබෙනවාද මේ වාගේ සිදු විම් නිසා පවුල් කියක් නම් කඩා ඉහිරිලා යනවාද කියලා. සංගමයෙන් විදින්න විදින්න තියෙන එක සික්සාකාමිව විදින්න තියෙන එක අධික කාම තන්හාව නිසා විනාශ කරලා යැයිද උන් වහන්සේ එහිදි පැවසීය.
මෙම ධර්ම දේශනාව සංවිධානය කර තිබුණේ කෑගලු දිස්ත්‍රික්කයේ ප්‍රධාන අධිකරණ සංඝනායක මීපිටිය විහාරස්ථානය ඇතුළු පංච මහා විහාරාධිපති හිටපු පරිවෙනාධිපති පුජ්‍ය පානගමුවේ ධර්මරතන හිමියන් වන අතර ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දක්වා තිබුණේ ව්‍යාපාරීක බී.ජී ගාමිණි ජයසිංහ ( කිරිමල්ලී ) වන අතර ඒ සඳහා විහාරස්ථ දායක සභාව අනුග්‍රහය ලබා දී තිබුණි.

මෙම ධර්ම දේශනාව ඊයේ 31 මීපීටිය විහාරස්ථානයේදි පස්වරුවේ පවත්වන ලදි.

විඩියෝව පහතින් නරඹන්න.
සටහන සහ විඩියෝ සමන් විජය බණ්ඩාර

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර