මාවනැල්ල නගරයේ වෙළෙඳ සැලක් ලග වැටි තිබු මුදල් ඇතුලු බැංකු කාඩ් කිහිපයක් සහිත පොකට්ටුවක් හමුවිමෙන් පසුව එම පුද්ගලයා සොයා ඔහු වෙත තැපැල් කිරීම නිසා එයින් සතුටු වු එහි අයිතිකරු එම පුද්ගලයා ඇගයිමට ලක් කිරීමේ පුවතක් ගැන දැන ගැනීමට හැකි විය.
මාවනැල්ල නගරයේ වෙළෙඳ සැලක වසර 12 කට වැඩි කාලයක් අත්උදව් කරුවෙකු ලෙස සේවය කරන 41 හැවිරිදි කේ.චමින්ද ලක්සිරිට පසුගිය දිනක රාත්‍රී 9 ට පමණ මාවනැල්ලේ වෙළෙඳ සැලක් ඉදිරිපිට තිබි කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ වැටි තිබු පොකට්ටුවක් ඇහිදා ගෙන අයිතිකරුවා සොයා ගැනීමට උත්සාහ කලත් අයිතිකරුවා සොයා ගැනීමට නොහැකි වි ඇත.
පොකට්ටුව පරීක්ෂා කරද්දී රුපියල් 5000 කට වැඩි මුදලක් සහ බැංකු කාඩ්පත් කිහිපියක් මෙන්ම විදේශ රටකින් ලබා ගත් බැංකු කාඩ් පත් සහ රියදුරු බලපත්‍රයක් ඇතුලු හැනුම්පතක්ද එහි තිබෙනු දැක ගැනිමට හැකි වි ඇත.
නිවසට ගොස් පසුදිනම ඒ සියල්ල හැදුනුම්පතේ ඇති ලිපිනයට තැපැල් කර යැවිමට කටයුතු කල චමින්ද මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පැවසිය.
මම සාමන්‍ය පවුලක කෙනෙක් මට දරුවෝ දෙදෙනෙක් ඉන්නවා. බිරිඳ ඇගලුම් කම්හලක සේවය කරනවා. කවදාවත්ම මොන නැති බැරි කමක් තිබුණත් අපි අනුන්ගේ දේවල් ගන්නේ නැහැ. වසර 12 ක් තිස්සේ මම මාවනැල්ලේ කඩේක වැඩ කරනවා මේ වාගේ දේවල් කඩේ පවා බිම වැටිලා ගොඩාක් අවස්ථා වල ඒ අය සොයා ලබා දෙනවා. මේ පොකට් එක ලැබුණු ගමන් මම කල්පනා කලේ මේ දේ කොහොම හරි අදාල කෙනාට ලැබෙන්න සලස්වන්න. නමුත් එකේ ටෙලිපොන් අංකයක්වත් තිබුණේ නැහැ ලිපිනයක් තිබුණු නිසා ඒකට යැව්වා. පසුදින එක ලැබිමෙන් පසුව මට ඒ අය කතා කලා. ගොඩාක් සතුටින් ඊට පසුදින මාව හම්බවෙන්න ඇවිත් මට සුභ පැතුවා.
කෙසේ වෙතත් මේ පිළිබඳව අපිට අදහස් දැක්වු මෙම පොකට්ටුවේ අයිතිකරු හෙම්මාතගම මඩුල්බෝව පදිංචි එම්.එස්.එම්. ෆයිසාල් මහතා මෙසේ පැවසීය.
විදේශ රටක රැකියාවක් කරන පුතාගේ පොකට් එක තමයි මේ වැටිලා තියෙන්නේ අබුඩාබි රටේ පුතාගේ බැංකු කාඩ් තිබුණා. රියදුරු බලපත්‍රය තිබුණා මේ සියල්ල නැවත ලබා දෙන්න ඔහු කර කැපිම අගය කල යුතු වන්නේ අද වාගේ කාලයක මේක මං හිතන්නේ විරල ක්‍රීයාවක් කියලා. මුදල් ටික අරන් පොකට් එක විසික් කරන සමාජ වටපිටාවක මේ වාගේ අගය කර යුතු නිසාම අපි මාවනැල්ලට ගිහින් මොහු හමුවේලා පුංචි තෑගල්ලයක් දිලා ආවා නමුත් මේ කරපු ක්‍රීයාව ඊටත් වඩා අගය කර යුතු ක්‍රියාවක් බව මම දන්නවා.