Sri Lanka
ජනමාධ්‍ය අමාත්‍යවරයා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ නිරීක්ෂණයක
36 | 2025-09-03 04:33 PM
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ නිරීක්ෂණයක.


රෝහලේ වත්මන් තත්ත්වය, ඉදිරි දැක්ම හා අරමුණූ පිළිබඳව විශේෂ සාකච්ඡාවක්.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ 2 ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ නිරීක්ෂණයක නිරත විය.

නවීන ශික්ෂණ රෝහලක් වන කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහල අනාගත වෛද්‍ය වෘත්තිකයන් ද පුහුණු කරමින් සුවිශේෂී රෝගී සත්කාර සේවාවන් සපයනු ලබන රෝහලක් වන අතර එම රෝහල මගින් ලබාදෙනු ලබන සෞඛ්‍ය සේවාවන් හි වත්මන් තත්ත්වයත් මානව හා භෞතික සම්පත් ඉහළ නැංවීම මෙන්ම ඒ සම්බන්ධව පවතින ගැටළු සොයාබැලීමත් සහ රෝහලේ  ඉදිරි දැක්ම සහ අරමුණු යථාර්ථවත් කිරීම උදෙසා අදහස් හා යෝජනා සාකච්ඡා කිරීම ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ මෙම විශේෂ නිරීක්ෂණයේ අරමුණ විය.

ඒ අනුව රෝහලේ නවීන තාක්ෂණික උපකරණවලින් යුත් දන්ත වෛද්‍ය අංශය පිළිකා රෝග අංශය රසායන ව්‍යාධිවේදී අංශය
ශල්‍යාගාර දැඩ්සත්කාර එ්කක රුධිර කාන්දුපෙරණ මධ්‍යස්ථානය හෘද උරස් හා දැඩි සත්කාර ඒකකය කිමෝ තෙරපි ඒකකය සහ නේවාසික රෝගී වාට්ටු මෙන්ම රෝහල සතු වෙනත් පහසුකම් ද සිය නිරීක්ෂණයට ලක් කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා රෝහල් පාලනාධිකාරිය සමග රෝහලේ වත්මන් ක්‍රියාකාරීත්වයත් පවතින ගැටළු සහ ඉදිරි මෙහෙයුම් කටයුතු පිළිබඳවත්විශේෂ සාකච්ඡාවක ද නිරත විය.

එම සාකච්ඡාවේ දී හෘද උරස් ඒකකයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහල අතර අවබෝධතා ගිවිසුම සෞඛ්‍ය අමාත්‍යාංශය සමග අවබෝධතා ගිවිසුමක් ඇති කර ගනිමින් රජයේ රෝහල් වෙත කැත් රසායානාගාර පහසුකම් ව්‍යාප්ත කිරීමේ ඇති හැකියාව පූර්ණ කාලීන උපදේශක විකිරණවේදියෙකුගේ අවශ්‍යතාව
ස්වස්ථා පද්ධතියට පූර්ණ ප්‍රවේශය රෝහල් පරිශ්‍රයට ඔසුසලක අවශ්‍යතාවය රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයන් තුළින් ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබාදීම

විශේෂඥ වෛද්‍ය වෛද්‍ය හෙද ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල අවශ්‍යතාවයන් ඇතුළු ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා සිදු කරන ලදි. මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන ලද්දේ රෝගීන් කේන්ද්‍ර කරගත් බහු-විශේෂිත විශ්ව විද්‍යාල රෝහලක් වන කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහල ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා ප්‍රමිතීන්ට අනුකූලව ඉහළ කැපවූ වෘත්තිකයන් හරහා උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවා අධ්‍යාපනය සහ පර්යේෂණ ලබාදීමට කටයුතු කිරීම මෙරට සෞඛ්‍ය සේවාවේ ශක්තිමත්භාවයට මනා පිටුහලක් වන බවත් කාර්ය මණ්ඩල පුරප්පාඩු පිළිබඳව ද අවධානය යොමු කරමින් දැනට රෝහල මගින් ලබාදෙනු ලබන රෝගී ප්‍රතිකාර සේවාවන් ප්‍රශස්ත මට්ටමකට ගෙනඒම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවයි.



ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර