විවිධ රැකියාවන් කරන බොහෝ අය කලා කටයුතු වලට විශේෂිත වු ආශාවක් දක්වන අතර සමහර දෙනා ජීවිත අත්දැකිමකටත්, විනෝදයක් ලබා ගැනීමටත් මනස සුවපත් කර ගන්නා ප්‍රධාන මෙවලමක් ලෙස කලාව භාවිත කරන අතර ඒ මගින් විඩාව මහන්සියට පුදුම විදිහේ සහනයක් ලැබෙන්නේය.
මේ කියන්නට යන කතාවත් කලාවට සම්බන්ධ මෑත කාලයේ ටිකක් වෙනස් විදිහේ කථාවක්. මේ කතාව දළදා පෙරහර ආරම්භවත් සමග කියන්නට ලැබිම ද එක්තරා වාසනාවක් යැයි මට සිතේ. ඒ වාගේම මේ කතාව ඉතිහාස ගත කතාවක් වනවාට සැකයක්ද සැකයන් නැත්තේ. ලංකා ඉතිහාසයේ මුල් වරට විශේෂඥ වෛද්‍යවරයෙක් නර්ථනය ප්‍රගුණ කරමින් කලඑළි දැක්විමේ මංගල්‍යක් මිට පෙර සිදු නොවු නිසාය.
පසුගිය 27 වැනිදා පැවැති මේ සිදු විම ඒ නිසා සුවිශේෂි ඉතිහාස ගත කාරණයකි. එමෙන්ම මෙම වෛද්‍යවරයාගේ ලේයින් උපන් පාසල් යන දරුවන් දෙදෙනාද පියාට කලින් සිය පාසලේදි හිසවෙස් බැද සිටි නිසා පියාගේ හිසවෙස් බැදපු දින තිදෙනා එක්ව කලා මංගල්‍යක්ද ඉදිරිපත් කලාය. මෙය පැවැත්වුනේ මහනුවර අමුණුගම මධ්‍යම ලංකා නෘත්‍ය මණ්ඩලයේදිය.
මෙලෙස වෙස් නර්ථනය ප්‍රගුණ කරමින් හිසවෙස් බැද කලාමංගල්‍ය පැවැත්වු විශේෂඥ වෛද්‍යවරයා වන්නේ පොළෙන්නරුව ජාතික රෝහලේ සහ වකුගඩු විශේෂිත රෝහලේ විකිරණ වෛද්‍ය විශේෂඥ ලෙස සේවය කරන 48 හැවිරිදි එස්.අයි. සුසන්ත ඉන්දික මහින්දංශ මහතායි. එම කලඑළිමංගල්‍යයේ සිය පියා සමග එකට නර්ථනය ඉදිරිපත් කරන ලද සිය එකම දරුවන් දෙදෙනා වන්නේ පසුගිය අප්‍රේල් මාසයේ හිස වෙස් පාසලේදි බදින ලද මහනුවර ටිංටි විද්‍යාලයේ ඉගෙනුම 11 වසරේ ඉගෙනුම ලබන අංකලක මහින්දවංශ සහ 8 වසරේ ඉගෙනුම ලබන වයස අවුරුදු 14 ක් වන බාල පුතණුවන් වන වාගිස් ලේසර මහින්දවංශ යන පුතණුවන්ය.
මෙම අවස්ථාවට විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, මහාචාර්යවරුන් මෙන්ම දැනට උඩරට දළදා පෙරහරේ නර්ථනයේ යෙදෙන ප්‍රසිද්ධ කලාකරුවන් රැසක් සහභාගි විය. මෙහි ඇති තවත් සුවිශේෂි තත්වයක් වන්නේ මෙම වෛද්‍යවරයා නර්ථනය ඉගෙන ගෙන ඇත්තේ මෙරට ඉතා ප්‍රසිද්ධියක් උසුලන මහනුවර දළදා පෙරහරේ දියවඩන නිළමේ ඉදිරිපිට නර්ථනයේ යෙදෙන සුරසේන පරම්පරාවේ ප්‍රධාන කලාකරුවා වන පිටර් සූරසේන මහතා යටතේ විමද සුවිශේෂත්වයකි.
අද මෙන් පහසුකම් නොවු කාලයක හෙම්මාතගම දේවි බාලිකා මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදරා මහනුවර ශාන්ත සිල්වෙස්ටර් පාසලෙන් උසස් අධ්‍යාපනයෙන් පසුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය හදාරා පශ්චාත් උපාධිය හැදැරීමට කොළඹ වෛද්‍ය විද්‍යාලය තෙ පිවිසි අයෙකි. පසුව වෛද්‍යවරයෙකු ලෙස දිවයින පුරා රෝහල් රැසක සේවය කරන අතරවාරයේදි විශේෂඥ වෛද්‍යවරයෙක් බවට පත්ව මේ වන විට පොළොන්නරුව ජාතික රෝහලේ සහ වකුගඩු විශේෂිත රෝහලේ විකිරණ වෛද්‍ය විශේෂඥ විදිහට කටයුතු කරන ඉතා ගුණ යහපත් වෛද්‍යවරයෙක් මෙන් නොව දෙවියෙකු ලෙස හදුන්වා දිමට හැකි ගුණ යහපත් චරිතයකි.
වෛද්‍යවරු දෙවියෝය. යනුවෙන් පවසන අපේ රටේ බොහෝ ජනතාවට සැබෑ දෙවියෙකු යැයි කිය යුතු මට්ටමේ රෝගින් වෙනුවෙන් තම රාජකාරියටත් ඒහා ගිය සේවයක් කරන වෛද්‍යවරයෙකි. ඔවුන්ට කතා කිරීමේ සිට එහිදි ලබා දෙන උපදෙස් පවා කෙනෙකුගේ මනස සුවපත් කරවන තරමේ අදහස් ඇති අයෙක් විම විශේෂත්වයකි.
වෛද්‍ය වෘත්තියක් කරමින් සිටින විට විශේෂයෙන් නර්ථන කලාව වැනි විෂයක් හදාරන්නට වේලාව වෙන් කර ගැනීම පවා ඉතා අසීරු කටයුත්තකි. එමෙන්ම විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙස කලාවට වඩා අමතර මුදලක් සෙවිමට අවශ්‍ය නම් ලක්ෂ ගණනින් එය සෙවිමටද කාලය තිබියදි සිය මනස සුවපත් කර ගැනීමට මෙම වෛද්‍යවරයා කලාව භාවිතා කලාය.
උඩරට වෙස් නැටුම යනු මනස සුවපත් කරන ඹෟෂධයක් බදුය. වෙස් නැටුම ආරම්භ වුවායැයි සලකන්නේ එවැනි කාරණයක් පාදක කරගෙනයි. මහා සම්මත රජ දවස මෙහි ආරම්භ කාලය දිව යන අතර කුවේණිය සිදුකල සාපයක් හේතුවෙන් පඩුවස්දෙව් රජුට වැළදුණු දිවි දෝසය සුවපත් කරන්නට මෙම නර්ථන සම්ප්‍රදාය යොදා ගත් බව පවසයි.
කුඩා කාලයේ සිටම කලාවට ලේඛණ කලාවට උනන්දුවක් තිබෙන දොස්තර මහින්දවංශ මහතා තාමත් විශ්වාස කරන දෙයක් ඇත. මේ කලාව රෝගීන් සුවපත් කරන්නට භාවිතා කරන්නේ කෙසේදැයි ඔහු සොයමින් සිටි. මෙය තරමක සුවිශේෂි කතාවක් වෙන්නේ බටහිර වෛද්‍ය විද්‍යාව හදාරා එහි මුලාශ්‍ර දැන මෙම කලා සම්ප්‍රදායේ ගැඹුර සෙවිම තුළින් ඔහුගේ වෘත්තිය වෙනස්ම විදිහේ මානයකට රැගෙන යෑම අනිවාර්යෙන් සිදු කර ගත හැකි විමයි.
කලා කටයුතු වලට ඇති උනන්දුවත් ඒ සඳහා කරන කැපවීමත් ගැන විශේෂඥ වෛද්‍ය මහින්දවංශ කිවේ මහතා කිවේ මෙවැනි කතාවකි.
මාගේ මහ ගෙවල් හෙම්මාතගම තිබුණත් දැන් මං මහනුවර අම්පිටිය ප්‍රදේශයේ තමයි පදිංචි වේලා ඉන්නේ. මම නුවර පාසල් අධ්‍යපනය හදාරන කාලයේදි සෞන්දර්ය විෂයක් ලෙස නැටුම් විෂයක් ලෙස හැදැරුවා. ඒ අතරේදි අපේ නැටුම් කණ්ඩායම් බිහි වුනා අපේ නැටුම් කණ්ඩායම 1994 වසරේදි පිටර් සූරසේන මහතාගේ නායකත්වයෙන් අපි සමස්ථ ලංකා ප්‍රථම ස්ථානය ලබා ගත්තා. ඉන් අනතුරු තෙන්නකොන් මහතාගේද නායකත්වය යටතේ අපි ගොඩාක් දුර ගමන් කලා.
රූපවාහිනිය ගුරුගෙදර අපි නටලා තියෙනවා. මහනුවර පෙරහරේ නටලා තියෙනවා. උඩක්කි නර්ථන, ගිනි සිසිල විවිධ ක්ෂත්‍රයන්හි නැටුම් අපිට ඉගෙන ගන්න හැකි වුනා.
උසස් පෙළ හදාරනකොට මාගේ විෂය ජීව විද්‍යාවට වෙනස් වුනත් මේ කලායාතනය කරන ජනක මාගේ යාළුවා ජනක කියන්නේ ඉසුරුබා ගුරුන්වහන්සේගේ මුණුපුරා ජනක හරහා මේ කලායතනයට සම්බන්ධ වුනාට පස්සේ එදා ඉදන් මොන වැඩේ තිබුණත් මෙහි වැඩ වලටත් මම සම්බන්ධ වෙනවා. මෑත කාලයේ මාගේ පුතාලා දෙන්නත් මේ කලායතනයට සම්බන්ධ කලා. ඒ අනුව මෙතන්ට එන්න තිබෙන සම්බන්ධතාවය වැඩි වුනා ඒ අනුව තමයි මේ දක්වා දුරක් ආවේ.
කරන වෘත්තිය සමග මේ කලාව සිදු කරන්නේ කොහොමද යන්න ඇසු ප්‍රශ්නයට ඔහු මෙවැනි පිළිතුරක් අපිට ලබා දෙන්නට විය.
මම බටහිර වෛද්‍ය විද්‍යාව හදාරලා විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කරනවා. දේශිය උඩරට නර්ථනය කියලා කියන්නේ හෙළ වෙදකමේ එක කොටසක් මෙතන කන්කාරි, ශාන්තිකර්ම, බලිශාන්ති කර්ම වාගේ දේවල් රෝගීන් සුවපත් කිරීම සඳහා භාවිතා කල අපේ තිබුණු හෙළ වෛද්‍ය ක්‍රමයේ කොටසක් ඒ නිසා මට අසාවක් තිබුණා මේ දෙකේ සමතුලිත විම කෙසේද කියලා සලකා බැලිමට.
මොකද සමාජය ගොඩාක් වේලාවට බටහිර වෛද්‍ය විද්‍යාවට නැඹුරු වැඩි ඒ වාගේම අපි දේශිය දේවල් ප්‍රත්‍යක්ෂප කරනවා. නමුත් මම මෙහි දැක්ක විශේෂිත භාවය නිසා තමයි. මම මේ නර්ථනයට ගොඩාක් යොමු වුනේ. මේකත් හදාරලා මම කොහොමද රෝගීන් සුවපත් කරන්න පාවිචිචි කරන්නේ කියලා. ඒ නිසා මේ කරන අධ්‍යනයටත් තිබෙන අසාව නිසා තමයි මෙ විෂය තව දුරයත් ප්‍රගුණ කරන්නේ යැයිද පවසනවා.
ඒ වාගේම තමයි මම මොන දේ කලත් මාගේ සහ දරුවන්ගේ කටයුතු වලට මනාව සහායක් ලබා දෙන මාගේ දෙමාපියන් ඒ වාගේම මාගේ බිරිඳ ඇයත් වෛද්‍යරියක් ඒ වාගේම මාගේ මිත්‍රයන් මට පුදුම විදිහේ සහයෝගයක් ලබා දෙනවා මාගේ හැම කටයුත්තකදීම. විශේෂයෙන් සෑම කටයුත්තකදිම ස්වාමින් වහන්සේලාගෙන් මට ලැබෙන්නේ පුදුම සහයෝගයක් සහ ආශිර්වාදයක් බවද පැවසීය.
සිය පුතණුවන් කුඩා කාලයේ සිට කරන කියන දේවල් ගැන දන්නේ ඔහුගේ මවයි. එතුමිය 78 හැවිරිදි ගීතා රාජකරුණා මහත්මියයි ඇය අපට අදහස් දක්වමින් මෙසේ පැවසීය.
පුතා මුලික අධ්‍යාපන හැදැරුවේ හෙම්මාතමින් ඊට පස්සේ නුවර පාසල් ගියා කිලෝමිටර් 30 ක් පමණ බස් දෙකකින් යන්න ඔනෑ. හෙම්මාතගම ඉදලා. අද වාගේ පහසුකම් නොතිබුණු අතර පාන්දර නැගිටලා පාසල් යනවා එද්දි කොච්චර රෑ වුනත් ඇවිල්ලා එයාගේ ඇදුම් සෝදලා වැලට දාලා අධ්‍යාපන කටයුතු ඉලක්කයකට කර දරුවෙක්. ලේඛන කලාවට මෙන්ම අනිකුත් කලාවන්ට පුදුම විදිහේ සහජ දක්ෂතාවයක් මෙයාට තිබුණා. ඒ වාගේම කුඩා කාලයේ සිටම යම් ඉලක්කයක් තිබුණා. එකට යන්න හැම වේලාවේම උත්සාහ කලා. ඒ වාගේම පුතා තුල තිබුණු ලොකු වෙනස්ම විදිහේ දෙයක් තමයි හැම කෙනෙකුටම පිහිට විම. එක කිසිම ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි කරන්නේ අද වුනත් වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කරද්දි හැම කෙනෙකුටම ඔනෑ දෙයකට පිහිට වෙනවා. පුංචි දවස් වල ඉදලා කරුණාව මෛත්‍රීය සහජයෙන් ම ආපු ගති ලක්ෂණ. මේ ගති ලක්ෂණ නිසා විශාල යාළුවෝ පිරිසක් ඉන්නවා. ඒ වාගේම සෑම නැදෑයකුගේම ආදරයට පාත්‍ර වෙච්ච කෙනෙක්. ඒ වාගේම පාසල් කාලයේදි කුඩා කාලයේදි ළමයි කරන නරක වැඩ කියන ඒවාට කවදාවත් පෙළඹුනේ නැහැ. දෙමාපියන් හැටියට අපිට කරදරයක් වෙහෙසක් පුතා දිලා නැහැ. හැම අතින්ම උදව්වත් උපකාරයක් තමයි ලැබුණේ එක අපි කියලා නෙවෙයි හදවතින්ම කලා. ගෙදර යන වේලාවකදි නගරයේ නැවතුනොත් මෙයා පැය ගානකටවත් එන්නේ නැහැ. මොකද ඒ තරම් හැම ක්ෂත්‍රයේම යාළුවෝ පුතාට ඉන්නවා. මම සමහර වේලාවට කියනවා පුතා නුවර ඉදන් එද්දි හෙම්මාතතම නවතින්නේ නැතිව එන්න කියලාත් මොකද අපි පාර බලාගෙන ඉන්නවා පුතා නැහැ. ඒ නිසා අන්න ඒ වාගේ හැම කෙනෙක් එක්කම පුතාගේ ලොකු බැදිමක් තිබුණා. සමාජයේ කිසි කෙනෙක් අහක දන්නේ නැති කරුණාවක් මෛත්‍රීයක් පුතාට තිබුණා. ඒ වාගේම තමයි මම දන්නවා ආගමික පැත්තෙන් ඉතා ඉහළට ගිහින් තියෙන බව මවක් වශයෙන් නිරන්තරයෙන් ස්වාමින් වහන්සේලා ඇසුරු කරමින් ආගමික කටයුතු වල නිරත වෙනවා. මම නම් හිතුවේ නැහැ කවදාවත් පුතා මෙවැනි අවස්ථාවක් පරිපුර්ණ කරයි කියලා ඒ වාගේම පුතාලා දෙන්නා මේ අඩි පාරේ යනවා එයාලාත් හොඳ ගමනක් යනවා මට පෙනවා. මවක් හැටියට මට සහ පුතාගේ පියාට අද කියන්න බැරි සතුටු දවසක් වාගේම ජිවත්ව සිටියදි දරුවන්ගේ මේ දක්ෂතා බලන්න අපිත් පිං කර තිබුණා කියලායි මට දැනෙන්නේ. එවැනි මවක් විම ගැන අසීමිත සතුටක් මට තියෙනවා.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ලලිත කලා අංශයේ මහාචාර්ය සුදෙශ් මංතිලක මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.
මෙතුමා වෛද්‍ය විද්‍යාව පැත්තෙන් ඉහළටම යනවා. නමුත් ඔහුගේ තිබු කලා හැකියාව. කලාවට තිබු අසාව, උඩරට නර්ථනයට තිබු අසාව නිසාම ඔහු තීරණ කරනවා. මාගේ මේ පැත්තත් මම පරිපුර්ණ කර ගන්නවා කියලා. නර්ථන කලාවෙත් උච්චම අවස්ථාව මෙතන. ඒ නිසා මහින්දවංශගේ ජිවිතය මේක ඇතුලේ තියෙනවා කියලා මට හිතනවා. ඒ වාගේම තමයි මෙතන ඔහු සහ ඔවුන්ගේ පුතාලා දෙන්නත් නර්ථන හැකියාවන් ඉදිරිපත් කලා වාගේම ඔවුන් ද වෙස් බැදලා. ඒ නිසා මේක ලංකාවේ ඉතිහාස ගත වන කරුණක් බවට පත් වෙයි.
හිටපු සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සෞන්දර්ය පිළිබඳ මහාචාර්ය වර්තමානයේ සීබා විශ්ව විදයාලයේ මහාචාර්ය අවුරුදු 82 වන වෛද්‍යවති රාජපක්ෂ මහත්මිය අදහස් දක්වමින් මෙසේ පැවසීය.
මම දන්නවා මුල් කාලයේ මේ වෛද්‍යවරයා මහනුවර පෙරහරේ අසිපතත් අරන් ගියා. නිළමේතුමාට කලින්. ඒවාගේම පෙරහරේ නැටුවා. ඒ නිසාම ලොකු කැක්කුමක් එතුමාට තියෙනවා. මෙතුමාට මෙහි රසයක් තියෙනවා වාගේම උපතින් ලොකු කුසලතාවයකුත් තිබෙනවා. ඒ නිසා මේ කාරණය ඉතිහාස ගත වෙන්න ඔනෑ තමන්ගේ පුත්තු දෙන්නත් කලින් වෙස් බැදලා අද මේ සියලු දෙනාම එකම වේදිකාවක නටද්දි දරා ගන්න බැරි සතුටක් මට දැනුනා. ඔනෑම රැකියාවක් කරන කෙනෙකුට මනසට ලොකු බෙහෙතක්. ලොකු සතුටක් ලබන්න පුළුවන්.
ප්‍රවීන නර්ථන ශිල්පි මහනුවර ඇසළ පෙරහරේ දියවඩන නිලමේ ඉදිරිපිට නර්ථනයේ යෙදෙන පීටර් සූරසේනගේ පුත් ජානක සූරසේන මහතා.
පරම්පරා ගත උඩරට නර්ථන කලාව කවුරු හරි මේක රැකගෙන පරම්පරාවක් ඉදිරියට ගෙන යනවා කියලා කියන්නේ ඇත්තටම අපිට සතුටක්. අද දකින්නේ එවැනි අවස්ථාවක් පරම්පරාවක් නොවුනක් අපේ වෛද්‍යරයා පුදුම ආශාවක් තිබුණා මේ නර්ථනයට මාගේ තාත්තාගෙන් පළමු අඩිය ඉගෙන ගෙන ඉන් අනතුරුව පාසල් මට්ටමේ තරග වලට පවා ඉදිරිපත් වේලා. වසර 37 ක් දළදා පෙරහරේ නටන කලාකරුවෙක් විදිහට ඒ නිසා මේ නැතිවිගෙන යන කලාවට අපේ වෛද්‍යතුමන් මේ දරුවන් ජීවක් දුන්නා කියලායි මට හිතෙන්නේ යැයිද පැවසීය.
වෛද්‍යවරයාට පාසල් ගුරුවරයෙක් වන මං තොස බණ්ඩාර තෙන්නකෝන් මහතා.
මම මහනුවර සිල්වෙස්ටර් පාසලේ උගන්වන කාලයේදි මාගෙන් ඉගෙන ගත්ත දරුවෙක්. දැන් ගොඩාක් වෙස් බදින්නේ ළමයින් මේ වාගේ උගත් බුද්ධිමත් අය ඒ අයගේ විෂය තනතුරු ගැන හිතාගෙන ඉන්නවා මිසක් මේ වාගේ දේවල් කරන්නේ නැහැ. ඒ නිසා අද මේ වෙස් බැදිම විශේෂිත කාරණයක්. එක ඉතිහාස ගත වන කාරණයක් වෛද්‍යවරයෙක් වෙස් නැටුම් ශිල්පයෙක් ලෙස වෙස් බැදිම. එක රටට ලොකු ආදර්ශයක් එයාගේ පුතාලා දෙන්නත් වෙස් බැදලා තාත්තා එකක් නැටුවා. අද මේ දේවල් නැති වෙන්න හේතුව තමයි පරම්පරා ගත දරුවෝ මේ විෂය අතහැරලා සිටිම. ඒ අතින් බලද්දි මේ සිදු විම ලොකු වෙනසක් මම සුභ පතනවා අපේ මාගේ පාසල් ශිෂ්‍ය අද අපේ වෛද්‍ය මහින්දවංශ මහතාට.
සටහන සහ ජායාරූප හෙම්මාතගම සමන් විජය බණ්ඩාර | 077 2329034