Sri Lanka
පෝය දවසේ ගව සොරකම
32 | 2025-09-08 01:00 PM
මාවනැල්ලේ පිටවෙල අයිතිකරුවෙකුගේ වෙල්යායේ බැද සිටි ගවයෙකු රාත්‍රී කාලයේදි ලණුව ලේහාගෙන මුදලට විකිණිමට මාවනැල්ල කප්පාගොඩ ප්‍රදේශයට ගෙනවිත් සිටියදි මාවනැල්ල පොලිසිය විසින් අද 08 සොයා ගෙන තිබුණි.
තවත් සුවිශේෂි සිදු විමක් නම්. මෙම ගව සොරකම සිදු වි ඇත්තේ පොහෝය දවසේදීය.
ගවයාගේ අයිතිකරුවෙකු වන එම්.ඩබ්.ජයරත්න යන අය මෙසේ පවසයි.
මේ ගවයා මාගේ මල්ලීගේ එයා කුලි වැඩ සහ ගොවිතැන් කරන්නේ මම තමයි මල්ලීගේ ගවයා තවත් ගවයෙක් ඉන්න මාවනැල්ලේ පිටවෙල මල්ලීගේ නිවසට ආසන්නව පිහිටි වෙල්යායේ පෝයදා හවස බැන්දේ.
උදේ බලද්දි ගවයා නැහැ. පස්සේ තමයි දැන ගන්න ලැබුණේ මාවනැල්ලේ අරණායක පාරේ කප්පාගොඩ ප්‍රදේශයේ ඉන්නවා කියලා. මාවනැල්ල පොලිසියෙනුත් ආවා ගවයා අපිට මාවනැල්ල පොලිසියට ගෙන්න කියාල කිවා. සොරා පොලිසිය එන විට පැනලා දුවලා තියෙනවා යැයිද ඔවුන් පැවසීය.
මාවනැල්ල පොලිසිය පවසන්නේ මෙම සොරකම සිදු කර පුද්ගලයා හැකි ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි. කෙසේ වෙතත් අද දිනයේ මෙම සිදු විම පොලිසිය මැදිහත් වි සොයා ගැනීමට අපොහොසත් වුවානම් සමහර විට ගවයා මස්කඩයකට විකුණා මුදල් ලබා ගැනීමේ අවදානමක්ද තිබු බවයි. ප්‍රදේශවාසීන් පවසා සිටියේ.
මාවනැල්ල සමන් විජය බණ්ඩාර

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර