හෙම්මාතගම මීපිටිය ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදි ඊයේ 31 පැවැත්වු ප්‍රසිද්ධ ධර්ම දේශකයාණන් වහන්සේ නමක් වන කාගම සිරිනන්ද හිමියන්ගේ ධර්ම දේශනාවට 3000 කට වැඩි මහ සෙනගක් පැමිණි බව එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් සහ දායක සභාව පවසනවා.
හෙම්මාතගම අවට විහාරස්ථානයකට උන්වහන්සේ මීට පෙර වැඩම කර නැති නිසාත් උන්වහන්සේගේ ධර්ම දේශණා සෛලියට බෞද්ධ ජනතාවගේ වැඩි කැමැත්තක් පවතින හෙයින් ප්‍රදේශයේ ගම්මාන රැසක ජනතාව මෙලෙස මෙම ධර්ම දේශනාවට සහභාගි විය.
අප සමග අදහස් දැක්වු මීපිටිය විහාරස්ථානය ඇතුළු පංච මහා විහාරාධිපති හිටපු පරිවෙනාධිපති පුජ්‍ය පානගමුවේ ධර්මරතන හිමියන් පැවසුයේ තම විහාරස්ථානයට මෙපමණ දායක පිරිසක් ධර්ම දේශනාවක් සඳහා පැමිණි මුල් අවස්ථාව වන බවයි.
කෙසේ වෙතත් වසරට වැඩි කාලයක් තිස්සේ මෙම ධර්ම දේශනාව පවත්වන අදහසින් ඊට මුල්‍ය දායකත්වය ලබා දෙමින් සියලු කටයුතු අවසන් වන තෙක් මේ සම්බන්ධයෙන් සොය බලා කටයුතු කර මෙම විහාරස්ථානයේ දායකයෙකු වන ප්‍රසිද්ධ ව්‍යාපාරික බී.ජී ගාමිණි ජයසිංහ ( කිරිමල්ලී ) යන අයයි.
සටහන සමන් විජය බණ්ඩාර