Sri Lanka
නව තාක්ෂණය නිසා ඇති කර ගත් ප්‍රේමය මරණයෙන් කෙළවර වෙයි.
5,951 | 2025-09-21 10:38 AM
ප්‍රේම සම්බන්ධතාවයක් මුල් කර ගනිමින් තරුණයෙකු තවත් තරුණයෙකුට තියුණු ආයුධයකින් ගෙල සහ පපුව ප්‍රදේශයට කරන ලද පහර දීමක් හේතුවෙන් එම තරුණයා මිය යෑමේ ශෝචනීය කතා පුවතක් ඊයේ 20 පස්වරුවේ අපිට අසන්නට ලැබුණේ හෙම්මාතගම පොලිස් බල ප්‍රදේශයෙනි.

මෙම සහසීක ක්‍රීයාවෙන් මිය ගියේ 21 හැවිරිදි බලවත්ගම, හෙම්මාතගම ලිපිනයේ පදිංචි තරුණයෙකි. මෙම මරණය සිදු කර තරුණයා රත්නපුර රත්තුරුගල, ගිලිමලේ ප්‍රදේශයේ අයෙක් බව සඳහන් ඔහුට වයස අවුරුදු 23 ක් වන බව පොලිසිය සඳහන් කරයි. සිදු විම සිදු වි තිබුණේ එම දින පස්වරු 7 ට පමණය.
මරණය සිදු කරන ලද පුද්ගලයා වසර කිහිපයක සිට ඇඹිලිපිටිය ප්‍රදේශයේ තරුණියක සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යන අතර ඇය විශ්ව විද්‍යාලයක සිසුවියක් බවද සඳහන්. දෙදෙනාටගේ සම්බන්ධතාවයට දෙමාපියන්ගෙන්ද විරුද්ධත්වයක් නොමැති බවද සඳහන්.

නමුත් තරුණිය පරිගණක හෝ ජංගම දුරකථන භාවිතයෙන් කර හැකි ක්‍රීඩාවක් කරන අතර එම ක්‍රීඩාව සඳහා හෙම්මාතගම බලවත්ගම ප්‍රදේශයේ තරුණයාද සම්බන්ධ වි කාලයක් එම ක්‍රීඩාවේ නිරත වි ඇත. මෙම ක්‍රීඩාව හරහා සංජීවිව ක්‍රීඩකයන් සම්බන්ධ විමෙන්ද පවත්වන එකක් බවද සඳහන්.
එහිදි තරුණිය සහ මරණයට පත් වු තරුණයා අතර ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ කර ඇති අතර දෙදෙනා දුරකථන මාර්ගයෙන් මෙම සම්බන්දතාවය පවත්වාගෙන ගෙන ගොස් ඇති බවද පොලිසිය සඳහන් කරයි.
කිහිප වතාවක් මෙම සම්බන්ධය නවත්වන ලෙස තරුණියගේ මුල් පෙම්වතා විසින් හෙම්මාතගම තරුණයාට අවවාද කර ඇති අතර එය සිදු කරන බවක් පෙනෙන්නට නොමැති කල ඔහු මෙම තරුණයා මුන ගැසීමට 20 වැනි දින මාවනැල්ලට පැමිණ හෙම්මාතගම නගරයට පැමිණෙන බසයකින් පැමිණ බලවත්ගම හන්දියෙන් බැස තිබුණා.
පසුව දෙදෙනා හමු වි මෙම සම්බන්ධතාවය ගැන කතා කරමින් සිටියදි එක විටම තියුණු ආයුධයකින් ගෙල සහ පපුව ප්‍රදේශයට පහර දීමක් සිදු කර ඇත. එහිදි ඇද වැටුණු තරුණයා ඔහුගේ මිත්‍රයන් විසින් හෙම්මාතගම රෝහල වෙත ගෙන විටත් ඔහු මෙලොව හැර ගොස් තිබුණි. පසුව මරණය සිදු කල තරුණයා හෙම්මාතගම මාර්ගයේ මාවනැල්ල දෙසට දිව ගොස් ඇති අතර එහිදි ඔහු පසු පස ලුහු බැද ගිය තරුණයන් සහ වැඩිහිටියන් ඔහුව අල්ලා හෙම්මාතගම පොලිසිය වෙත භාර දී තිබුණි. මේ වන විට හෙම්මාතගම පොලිසියේ අත්අඩංගුවේ පසුවෙන මරණකරු පිළිබඳව පරීක්ෂණ පොලිසිය විසින් සිදු කරයි.
මිය ගිය තරුණයා කෑගල්ල කාර්මික විද්‍යාලයේ මෝටර් රථ කාර්මික ශිල්පයෙකු ලෙස වැඩිදුර අධ්‍යාපන හදාරන බවද පොලිසිය සඳහන් කරයි. ඔහුට තවත් පිරිමි සහෝදරයන් දෙදෙනෙක් සිටින බවද පොලිසිය සඳහන් කරයි. මේ වන විට අත්අඩංගුවේ පසුවෙන පුද්ගලයා වායු සමීකරණ අලුත්වැඩියාව සම්බන්ධ රැකියාවක නිරත කාර්මික ශිල්පියෙකි.
අද දහවල් මරණය සිදු වු ස්ථානයේදී මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිතව පැවැති අතර හෙම්මාතගම පොලිසිය මගින් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

සටහන සහ ජායාරූප මාවනැල්ල සමන් විජය බණ්ඩාර

විඩියෝ එක නැරඹිමට පහත ෆෙස්බුක් ක්ලික් කරන්න

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්