Sri Lanka
කලාඹය මුහුදට වැටෙන තැන විනාශ කරන දේශිය සංචාරකයන්.
40 | 2025-09-08 03:14 PM
කලාඔය මහ මුහුද සමග එකතු වන විල්පත්තුව මායිමේ ඇති එළුවන්කුළම නාන මංකඩට දිනපතා පැමිනෙන දේශීය සංචාරකයින්ගේ නොමනා ක්‍රියාවන් හේතුවෙන් එම ප්‍රදේශයේ පරිසරයට දැඩි හානි සිදුවී ඇති ආකාරයක් දක්නට ඇත.

කලාඔය ඉව්රේ විල්පත්තුව අභය භූමියට අයත් කොටසේ ඇති දැවැන්ත කුඹුක් ගස් පැමිනෙන සංචාරකයින්ට විශාල අස්වැල්ලක් වී ඇත.
මේ දිනවල පවතින අධික නියගය හේතුවෙන් කලාඔයේ, එළුවන්කුලම මංකඩට දිනකට දහසකට ආසන්න පිරිසක් දිය නෑම සදහා පැමිනෙති.සති අන්තයේදී එම ප්‍රමාණය දෙගුණ තෙගුණ වන බව ප්‍රදේශවාසීන් සදහන් කරයි. මෙම ස්ථානයේ දිය නෑමට පැමිනෙන සංචාරකයින්ගෙන් මුදලක් අය කර පහසුකම් සැළසීමට වනාතවිල්ලුව ප්‍රදේශීය සභාව අතීතයේදී කටයුතු කරන ලදි.නමුත් මුදල් අය කිරීම සහ පහසුකම් සැපයීම ප්‍රදේශීය සභාව විසින්නවතා දමා තිබී හෙලි නොවූ කරුණක් වී ඇත.

මෙම නාන මංකඩ තුළ මත්පැන් පානය කිරීම,ගිනි මැළ දැල්වීම,සංගීත භාණ්ඩ සහ ශබ්ද උපකරණ වාදනය කිරීම තහනම් ක්‍රියාවන් ලෙස අතීතයේදී පැවැතුණි.නමුත් ප්‍රාදේශීය සභාව තම කටයුතු නොසලකා හැරීමත් සමග අතීතයේදී තහනම් කර තිබූ එම ක්‍රියාවන් වර්තමානය වන විට සාමාන්‍යකරණය වී ඇති බවක් දක්නට ඇත.

දිය නෑම සදහා පැමිනෙන ඇතමුන් තම ආහාර වේල හෝ වෙනත් දෑ පිසීමද මෙම ස්ථානයේදීම සිදු කරති.ඒ සදහා ඔවුන් බොහෝ විට තෝරා ගන්නේ කලාඔය ඉව්රේ ඇති දැවැන්ත කුඹුක් ගස් ආසන්නයේ ඇති ස්ථානය.ආහාර පිසීම සදහා සිදු කරන එම ගිනි දැල්වීම් වල ප්‍රතිඵලයක් ලෙස කලාඔය ඉව්රේ තිබූ දැවැන්ත කුඹුක් ගස් කීපයක්ම නොබෝ දිනකින් කඩා වැටීමේ අවදානමකට ලක්ව ඇති බවක් දක්නට ඇත.ඒ ගිල් දැල් හේතුවෙන් කුඹුක්ගස් වල මූල පද්ධතියට හානි සිදුවීම නිසාය.

සංචාරකයින් විසින් තමන් ගෙන එන මත්පැන් සහ වෙනත් බීම වර්ග පාවිච්චි කිරීමෙන් පසුව හිස් අසුරණ කලාඔය නාන මංකඩ අවට තැන තැන දමා ගොස් ඇති බවක්ද දක්නට ඇත.එසේ දමා ගොස් ඇති ඇතැම් වීදුරු බෝතල් බිද දමා තිබීමද පසුව පැමිනෙන සංචාරකයින්ගේ අනතුරට හේතුවක් වී ඇත්තේ අවාසනාවන්ත ලෙසය.එමෙන්ම අවට පරිසරය තුළ අතහැර සමා ගොස් ඇති ප්ලාසිටික් සහ කලාඔයට එකව වැසි කාලයේදීම මුහුදට ගසා ගෙන යාමේ දරුණු අනතුරක්ද ඇති බව පැවසිය යුතුමය. තම විනෝද කටයුතු අවසන් වීමෙන් පසුව ගෙනා ආහාර ඉතිරි වුවහොත් ඒවායේ අසුරන සමග නාන මංකඩ ආසන්නයේ දමා යාමද බොහෝ සංචාරකයින් පුරුද්දක් ලෙස කර ඇති බවක්ද දක්නට ඇත.එසේ අතහැර දමා යන ආහාර අනුභව කිරීම සදහා සුනඛයින් මෙන්න වන සතුන්ද පුරුදුවී ඇති බවක් ප්‍රදේශවාසින් පෙන්වා දෙයි.

පෙර පරිදි මෙම නාන මංකඩට පිවිසෙන අයගෙන් කිසියම් මුදලක්අය කිරීමත්,පසුව එම ප්‍රදේශය පිරිසිදු කිරීමටත් වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාව නැවත කටයුතු කළ යුතු බවද ප්‍රදේශවාසීන්ගේ මතය වී ඇත.එසේ නොවුවහොත් අතීතයේදී සුන්දර පරිසරයකින් හෙබි සුර පුරයක් ලෙස දිස්වූ එළුවන්කුලම නාන මංකඩ වැඩි දිනක් යන්නට පෙර අපායක් බවට පත් විය හැකි බවද ගම්වාසීන් කියා සිටී.

ජුඩ් සමන්ත


ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර