Sri Lanka
කළුතර නව දිස්ත්‍රික් ලේකම් අද රාජකාරි අරඹයි.
2025-09-01 06:38 PM
කළුතර මහා දිසාපති එච්.එම්.එස්.පී හේරත් මහතා කළුතර දිස්ත්‍රික් නව දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස වැඩ භාර ගැනීම අද (1)දිනදී සිදුකෙරිණ. 2000 වර්ෂයේ දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වූ ඒ මහතා පදවි ශ්‍රී පුර, වනාත විල්ලුව. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා වශයෙන් ද කල්පිටිය,මහ කුඹු ක්කඩවල, මාදම්පේ සහ ප්‍රාදේශීය ලේකම්වරයා වශයෙන් සේවය කර ඇත. 2018 වර්ෂයේ පුත්තලම දිස්ත්‍රික් අතිරේක දිස්ත්‍රික් ලේකම් ලෙස සේවයට එක් වූ ඒ මහතා ඉන් අනතුරුව පුත්තලම දිස්ත්‍රික් මහ දිසාපති ලෙස සේවයට එක් විය. ධීවර අමාත්‍යාංශයේ සහකාර ලේකම් ධුරය සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ධූරයද එතුමා විසින් හොබවා ඇත. නව දිස්ත්‍රික් ලේකම්වරයා රාජකාරී ඇරැඹීමෙන්අනතුරුව සහකාර දිස්ත්‍රික් ලේකම් එස් ත්‍රිමාන්න මහතා වෙත එම නිල ලිපිය භාර දුන්හභාර දුන්හ.

අලුත්ගම තුසිත කුමාර ද සිල්වා
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට