Sri Lanka
මත්ද්‍රව්‍ය වෙළදාම කර කල්ලියේ ලක්ෂ 466 දේපලට වෙච්ච දේ.
2025-07-22 11:10 AM
මත් ද්‍රව්‍ය ජාවාරම් කිරීමට සම්බන්ධ සැකකාරියක් සහ ඇයගේ සමීපතයින්ට අයත් බව කියන රුපියල් ලක්ෂ 466 ක් වටිනා දේපල මුදල් විශුද්ධි කිරීමේ පනතට අනුව ක්‍රියා විරහිත කර ඇති බව පොලිස්මූ ලස්ථානය සදහන් කරයි. හොරෝයින් ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති එම සැකකාරිය ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කිරීමෙන් අනතුරුව මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතග රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති සැකකාරිය හික්කඩුව - නාලගස්දෙණිය පදිංචිකාරියකි. හික්කඩුව - සුදුවැල්ල ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 240 ක් වටිනා දෙමහල් නිවස සහිත පර්චස් 19.08 ක ඉඩම හා එම ඉඩමට යාබද පර්චස් 12.72 ක ඉඩමල කලුපේ ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 40 ක් වටිනා පර්චස් 20 ක ඉඩමල රුපියල් ලක්ෂ 16ක් වටිනා ත්‍රී රෝද රථයක්ල සහ කලුපේ ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 10 ක් වටිනා නිවස සහිත පර්චස් 05ක ඉඩමක්ද ක්‍රියා විරහිත කර ඇති දේපල අතර වේග නීතිවිරෝධී වත්කම් විමර්ශණ කොට්ඨාසය විසින් සිදුකරන ලද විමර්ශණයකින් අනතුරුව මෙම දේපල ක්‍රියා විරහිත කිරීම සිදු කර ඇත.

ජුඩ් සමන්ත හලාවත
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට