Sri Lanka
පොලිස් ට්‍රැෆික් එකේ හැමෝටම සති දෙකක් තුළ කැමරා
2025-09-09 03:50 PM
ඉදිරි සති දෙක ඇතුළත මුළු රටම ආවරණය වන පරිදි සියලුම රථවාහන පොලිස් නිලධාරීන්ට සිරුරේ පැලඳිය හැකි කැමරා ලබා දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් සඳහන් කරනවා.

මෙමගින් නිලධාරීන්ගේ වගකීම තහවුරු කිරීම සහ දූෂණය වළක්වමින් විනිවිද භාවයෙන් යුතුව රාජකාරිය කිරීමට අවකාශය සැලසීම අරමුණු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.

ඇතැම් රියදුරන් තමන්ගේ වරද වසා ගැනීමට නිලධාරීන්ට විරුද්ධව කරන දෝෂාරෝපණත්, නිලධාරීන් අතින් සිදුවන වැරදිත් මෙහි පටිගත වීම හරහා සියලු දෙනාගේ වගවීම තහවුරු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට