Sri Lanka
චීන කථගේ නිවසින් කෝටි තුනක මැණික් ගල් තොගයක් ඉස්සු සැකකරු අත්අඩංගුවට.
33 | 2025-09-07 06:03 PM
බේරුවල ,හෙට්ටිමුල්ල මල්ල බොක්ක පාරේ කුලී පදනමට ගත්නිවසක පදිංචි වෙමින් කලක් තිස්සේ බේරුවල චීන කොටුව මැණික් වෙන්දේසි පොලෙහි මැණික් ගනුදෙනු කළ චීන ජාතික කාන්තාවකට සහ ඇගේ හවුල්කරුවාටඅයත් අයත් රුපියල් කෝටි තුනක් වටිනා මැණික් තොගයක් නිවසට පැන සොරකම් කර සැකකරු බේරුවල පොලිසිය මගින් සෙනසුරාදා රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව පැවසීය. එම විදෙස් ජාතිකයන් දිනපතා එම නිවසේ සිට බේරුවල චීන කොටුවේ මැණික් වෙන්දේසි පොළවෙත පිටව යන බවත් ඒ යන අවස්ථාවේ නිවසේ තිබූ රුපියල් කෝටි තුනක මැණික් තොගයක් කිසියම් අයෙකු ප්‍රධාන දොර ඇර නිවසටඇතුළු වී සොරකම් කර ගෙන ගොස් ඇතැයි එම චීන කාන්තාව කළ පැමිණිල්ල අනුව වහා ක්‍රියාත්මක වී ආරක්ෂක කැමරා දර්ශන නිරීක්ෂණයට ලක් කර සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන එම මැණික් තොගයද පොලිස් භාරයට ගත් ගත් බව බේරුවල පොලිසි ස්ථානාධිපතිඑම්.ආර්. නව රත්න මහතාපැවසීය. සැකකරු එවන විට එම මැණික් තොගය මහගොඩ ප්‍රදේශයේ දෙවන පාර්ශ්වයකට ලබා දී අලෙවි කර පසු මුදල් ලබා ගැනීමේ පොරොන්දුව මත එතෙක් සුළු අත්තිකාර මුදලක් ද ලබාගෙන තිබූ බව වැඩිදුර විමර්ශන කළ පොලිසිය පැවසීය. එම මැණික් තොගය සන්තකයේ තබාගත් දෙවන පාර්ශවයේ සැකකරුද අත්අඩංගුවට ගෙන තිබේ
මෙම චීන කාන්තාව ඇතුළු පිරිස වසර තුනක් තිස්සේ මෙරට බේරුවල රැඳී සිටිමින් මැණික් ව්‍යාපාරයසිදු කරමින් විටින් විට චීන රටට ගොස් නැවත පැමිණ මෙම ව්‍යාපාරයේ නිරතව සිටියි. සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ මෙම සොරකමට වරද පිළිගෙන ඇතිබවත් තදින් හෙරොයීන් පානයට ඇබ්බැහි වූ ප්‍රධානසැකකරු අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක්ද සඟවාගෙන තිබීහමුවූ බව පොලිසිය පැවසීය. සැකකරුවන්(6) දින කළුතර අධිකරණයට ඉදිරිපත් කර ප්‍රධාන සැකකරුවටදින කීපයක් රැඳවුම් නියෝග ලබා ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමට නියමිත බවද පැවසීය. කළුතර දිශාව භාර නියෝජ්‍ය පොලිස්පතිනි, පත්මිණි රණවීර, කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී, කාවින්ද පියසේකර, පොලිස් අධිකාරි රමිඳු සිල්වා, සහකාර පොලිස් අධිකාරි සුනෙත් ශාන්ත යන මහත්ම මහත්මියගේ උපදෙස් මතබේරුවලපොලිස්ස්ථානාධිපතිඑම්.ආර්. නව රත්න අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මදුශංක,පොලිස් සැරයන් සිල්වා (53241) පොලිස් කොස්තාපල් කුමාර (84179)යන මහත්වරු සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සම්බන්ධයෙන් අධිකරණ මේ කටයුතු පොලිස් පරීක්ෂක චන්දන තෙන්නකෝන් මහතා සිදුකරයි.
</div><div> බේරුවල ,හෙට්ටිමුල්ල මල්ල බොක්ක පාරේ කුලී පදනමට ගත්නිවසක පදිංචි වෙමින් කලක් තිස්සේ බේරුවල චීන කොටුව මැණික් වෙන්දේසි පොලෙහි මැණික් ගනුදෙනු කළ චීන ජාතික කාන්තාවකට සහ ඇගේ හවුල්කරුවාටඅයත් අයත් රුපියල් කෝටි තුනක් වටිනා මැණික් තොගයක් නිවසට පැන සොරකම් කර සැකකරු බේරුවල පොලිසිය මගින් සෙනසුරාදා රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව පැවසීය. එම විදෙස් ජාතිකයන් දිනපතා එම නිවසේ සිට බේරුවල චීන කොටුවේ මැණික් වෙන්දේසි පොළවෙත පිටව යන බවත් ඒ යන අවස්ථාවේ නිවසේ තිබූ රුපියල් කෝටි තුනක මැණික් තොගයක් කිසියම් අයෙකු ප්‍රධාන දොර ඇර නිවසටඇතුළු වී සොරකම් කර ගෙන ගොස් ඇතැයි එම චීන කාන්තාව කළ පැමිණිල්ල අනුව වහා ක්‍රියාත්මක වී ආරක්ෂක කැමරා දර්ශන නිරීක්ෂණයට ලක් කර සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන එම මැණික් තොගයද පොලිස් භාරයට ගත් ගත් බව බේරුවල පොලිසි ස්ථානාධිපතිඑම්.ආර්. නව රත්න මහතාපැවසීය. සැකකරු එවන විට එම මැණික් තොගය මහගොඩ ප්‍රදේශයේ දෙවන පාර්ශ්වයකට ලබා දී අලෙවි කර පසු මුදල් ලබා ගැනීමේ පොරොන්දුව මත එතෙක් සුළු අත්තිකාර මුදලක් ද ලබාගෙන තිබූ බව වැඩිදුර විමර්ශන කළ පොලිසිය පැවසීය. එම මැණික් තොගය සන්තකයේ තබාගත් දෙවන පාර්ශවයේ සැකකරුද අත්අඩංගුවට ගෙන තිබේ
මෙම චීන කාන්තාව ඇතුළු පිරිස වසර තුනක් තිස්සේ මෙරට බේරුවල රැඳී සිටිමින් මැණික් ව්‍යාපාරයසිදු කරමින් විටින් විට චීන රටට ගොස් නැවත පැමිණ මෙම ව්‍යාපාරයේ නිරතව සිටියි. සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ මෙම සොරකමට වරද පිළිගෙන ඇතිබවත් තදින් හෙරොයීන් පානයට ඇබ්බැහි වූ ප්‍රධානසැකකරු අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක්ද සඟවාගෙන තිබීහමුවූ බව පොලිසිය පැවසීය. සැකකරුවන්(6) දින කළුතර අධිකරණයට ඉදිරිපත් කර ප්‍රධාන සැකකරුවටදින කීපයක් රැඳවුම් නියෝග ලබා ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමට නියමිත බවද පැවසීය. කළුතර දිශාව භාර නියෝජ්‍ය පොලිස්පතිනි, පත්මිණි රණවීර, කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී, කාවින්ද පියසේකර, පොලිස් අධිකාරි රමිඳු සිල්වා, සහකාර පොලිස් අධිකාරි සුනෙත් ශාන්ත යන මහත්ම මහත්මියගේ උපදෙස් මතබේරුවලපොලිස්ස්ථානාධිපතිඑම්.ආර්. නව රත්න අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මදුශංක,පොලිස් සැරයන් සිල්වා (53241) පොලිස් කොස්තාපල් කුමාර (84179)යන මහත්වරු සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සම්බන්ධයෙන් අධිකරණ මේ කටයුතු පොලිස් පරීක්ෂක චන්දන තෙන්නකෝන් මහතා සිදුකරයි.

අලුත්ගම තුසිත කුමාර ද සිල්වා.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර