Sri Lanka
කොහු මෝලක් ආශ්‍රිතව හට ගත් ගින්නක් පාලනය කරයි
2025-09-07 06:12 PM
හලාවත - කාක්පල්ලිය ප්‍රදේශයේ කොහු මෝලක් ආශ්‍රිතව හට ගත් ගින්නක් පාලනය කිරීමට හලාවත නගර සභාවේ ගිනි නිවන ඒකකය කටයුතු කරන ලදි.

06 වැනිදා සවස මෙම ගින්න හට ගෙන තිබුණි.

කාක්කපල්ලිය ප්‍රදේශයේ පවත්වා ගෙන යන කොහු මෝලක් ආසන්නයේ මෙම ගින්න හට ගෙන තිබුණි.එම මෝලේ නිෂ්පාදනය කරණු ලබන කොහු වියලීම සදහා ආසන්නයේ ඇති හිස් ඉඩමක අතුරා තැබීම කාලයක සිට සිදු කර ඇත.ගින්න හට ගෙන ඇත්තේ එසේ කොහු අතුරා තිබූ ඉඩම තුළය.ගින්න හේතුවෙන් අතුරා තිබූ කොහු සියල්ල ගිනි ගෙන විනාශ වී තිබුණි.

ගින්න අවට ඇති ඉඩම් වලට පැතිර යාම වැළැක්වීම සදහාද ගිනි නිවන භටයින් කටයුතු කරනලදි.එසේ නොවන්නට විශාල විනාශයක් සිදුවීමට ඉඩ තිබූ බව ප්‍රදේශවාසීන්සදහන් කරයි.

ජුඩ් සමන්ත


ගින්න හේතුවෙන් කොහු මෝල හෝ ඒ ආශ්‍රිතව සිටි කිසිවෙකුට හානියක් සිදුවී නැත.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට