Sri Lanka
උණුසුම් පුවත්
සහන මෙහෙයුම්වල නිරත වන ප්‍රදේශවල, ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉල්ලීමක් කරයි.නිවේදනයක් නිකුත් කරමින් ගුවන් හමුදාව සඳහන් කර ඇත්තේ, මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් අතරතුර ඩ්‍රෝන මෙහෙයුම්  ක්‍රියාත්මක කිරීම  ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඟින් කරනු ලබන ගුවන් මෙහෙයුම් සඳහා අවදානම් තත්ත්වයක් ඇති කර තිබෙන...
2025-12-01 02:08 PM
අයහපත් කාලගුණ තත්වය නිසා විපතට පත් වු ප්‍රදේශ රැසක ජනතාව මේ වන විට අවතැන් කඳවුරු සහ ආරක්ෂිත ස්ථාන වල කෑගල්ල දිස්ත්‍රීක්කයේ රදවා ඇත. එම සිදු විම් වලින් වැඩිම හානිය ද කෑගල්ල දිස්ත්‍රීක්කයේ වාර්තා වන්නේ අරණායක අම්බලකන්ද ප්‍රදේශයෙනි.
2025-12-01 01:02 PM
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (30) රාත්‍රි 8.30ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.
2025-11-30 07:37 PM
ආපදා මුදාගැනීමේ මෙහෙයුම් සඳහා එක්ව සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද ( 30 ) පස්වරුවේ අනතුරට ලක්විය.වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයේ ආපදා සහන කටයුතු සඳහා යොදවා තිබූ හෙලිකොප්ටර් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.එම යානය ගිංඔයට කඩා වැටී ඇති අතර, අනතුරින් හෙලිකොප්ටර් යානයෙහි සිටි පිරිස තුවාල ලබා...
2025-11-30 07:29 PM
අඹතලේ බැම්ම පිටාර ගැලීමෙන් ගංවතුර අවදානමක් පවතින බව කොළඹ දිසා ලේකම්වරයා සඳහන් කරනවා.ඒ හේතුවෙන් කඩුවෙල සිට මාලබේ දක්වාත්, අතුරුගිරියේ සිට මාලබේ දක්වාත්, මාලබේ සිට බත්තරමුල්ල දක්වාත් පහත් බිම්වල වෙසෙන ජනතාව වහාම මාලඹේ පිරිමි පාසල සහ පිට්ටුගල යශෝධරා පාසල වෙත ඉවත් වන ලෙසටයි දැනුම් දී ඇත්තේ.
2025-11-30 09:54 AM
කැලණි ගඟේ ජල මට්ටම මේ වනවිට ඉහළ යාම හේතුවෙන් ස්ථාන කිහිපයක වෙසෙන පහත්බිම්වල ජනතාවට ඉන් ඉවත් වන ලෙස නිවේදනය කර තිබේ.කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතා විසින් එම දැනුම්දීම කර ඇත.ඒ අනුව, කඩුවෙල - මාලබේ,  අතුරුගිරිය -  මාලබේ සහ මාලබේ සිට බත්තරමුල්ල දක්වා මාර්ගයන්හි පහත්බිම්වල ජනතාවට ජනතාවට ඉන් ඉවත්වන ලෙස...
2025-11-30 09:33 AM
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ දක්වා සිදු වූ මරණ ගණන 153ක් දක්වා ඉහළ ගොස් තිබේ.එමෙන්ම පුද්ගලයින් 191දෙනෙකු මේ වනවිටත් අතුරුදන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.එම මධ්‍යස්ථානය අද (29) පස්වරු 6.00ට නිකුත් කළ නිවේදනයේ මේ බව සඳහන්ව ඇත.මේ වනවිට දිස්ත්‍රික්ක 25කට අයත් පවුල් 217,263ක පුද්ගලයින් 774,724 දෙනෙකු ආපදාවට ලක්ව...
2025-11-29 07:55 PM
කැලණි ගංගා නිම්නයේ පහත්බිම්වලට මෑත ඉතිහාසයේ ඇති නොවුණු මට්ටමේ අධි අවදානම් ගංවතුර තත්ත්වයක් පිළිබඳ රතු නිවේදනයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.එම නිවේදනය අද (28) සවස 1ට නිකුත් කර ඇති අතර ඉදිරි පැය 24 තුළ මෙම තත්ත්වය ඇති විය හැකි බවට අනතුරු අඟවා ඇත.කැලණි ගංගා ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවල බොහෝ තැන්වලට...
2025-11-28 03:19 PM
පවතින අයහපත් කාලගුණ තත්ත්වය සමඟ ආපදාවට ලක්ව සිටින ජනතාව මුදාගැනීම සඳහා මේ වනවිටත් පොලීසිය හා ත්‍රිවිධ හමුදාව ආපදාවලට ලක්වූ ප්‍රදේශවලට ළඟාවෙමින් පවතින බව ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා පවසයි.පවතින ආපදා තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීමට ත්‍රිවිධ හමුදා ආරක්ෂක මූලස්ථානයේදී අද (28) දහවල් පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ...
2025-11-28 03:15 PM
කොළඹ - නුවර මාරගයේ පහල කඩුගන්නාව බිංගයට අසන්න ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර නායයෑමක් සිදුව තිබේ.ඒ හේතුවෙන් මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී ඇති බව වාර්තා වේ. 
2025-11-27 08:15 PM
"සුළි කුණාටු තත්ත්වයක් ඇතිවීම උදාහරණයක් ලෙස කුඩා දරුවෙකු වැඩිහිටියෙක් බවට පත්වනවාක් මෙන් අදියරෙන් අදියර සිදුවන ක්‍රියාවලියක්. සුළි කුණාටු තත්ත්වය එක පාර ම ඇතිවෙන්නේ නැහැ. ඒ තත්ත්වයට එන්නේ අදියරෙන් අදියරට. මුලින් ම කැළඹිලි සහගත තත්ත්වයක්, අඩුපීඩන කලාපයක් ඊට පස්සේ පීඩන අවපාතයකට එන්නේ. ඊට පස්සේ සුළි කුණාටුවට පස්සේ සුපිරි සුළි කුණාටුවක් දක්වා...
2025-11-27 06:51 PM
කොළඹ සිට බදුල්ල දක්වා සහ බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය කෙරෙන රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. එමෙන්ම නැවත දැනුම්දෙන තුරු පේරාදෙණිය සිට බදුල්ල දක්වාත් මහනුවර සිට මාතලේ දක්වාත් පාර්සල් ප්‍රවාහන කටයුතු සිදු කිරීම ද තාවකාලිකව නවතා දමා ඇති බව සඳහන් වේ.
2025-11-27 06:48 PM
පෙර පාසල් ඇතුළු සියලු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සඳහා හෙට (28) සිට නිවාඩු ලබා දීමට තීරණය කළ බව මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය පවසයි.පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ ආපදා තත්ත්වයන් හේතු කොටගෙන මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.ඒ අනුව කාලගුණය යථා තත්ත්වයට පත්වනතුරු මෙසේ නිවාඩු ලබා දී...
2025-11-27 06:47 PM
කඩුගන්නාවේ නාය යාම් හේතුවෙන් ගම්පොල මහනුවර නුවරඑළිය සහ හැටන් වැනි ප්‍රදේශ වලට ගමන් කිරීමට විකල්ප මාර්ගයක් වශයෙන් භාවිතා කරන මාවනැල්ල හෙම්මාතගම හරහා ගම්පොළ මාර්ගයටත් තද වැසි හේතුවෙන් සුලු කන්ඩි කඩා වැටීම් මේ වන විට වාර්තා වෙයි.මෙන්ම ඒ සමඟ පැමිණි ගල් ප්‍රධාන ඇල මාර්ග වල සිර වීමෙන් ප්‍රධාන මාර්ගයට ඒවා...
2025-11-27 06:44 PM
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊයේ (26) සහ අද (27) දෙදින තුළ පමණක්  පුද්ගල මරණ 33ක් වාර්තා වී තිබේ.ඒ අනුව මේ දක්වා කාලය තුළ සිදු වූ පුද්ගල මරණ සංඛ්‍යාව 40ක් දක්වා ඉහළගොස් ඇත.ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවය.එමෙන්ම පවුල් 1729කට අයත් පුද්ගලයින්...
2025-11-27 06:34 PM
මහ වැසිත් සමග ජලාශ සහ වැව් වාන් දැමීම හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්ත්වයත් සමග පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 4,939ක පුද්ගලයින් 17,561ක් අවතැන් වී ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් වයි. අයි. එම්. සිල්වා පවසනවා.දැදුරුඔය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමග පල්ලම, හලාවත සහ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ජනතාව පිඩාවට පත්ව ඇති බවද...
2025-11-27 06:27 PM
ශ්‍රී ලංකාවට ආසන්නයෙන් පැවති ගැඹුරු අවපීඩනය අද(27) මීට කෙටි වේලාවකට පෙර සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම සුළි කුණාටුව " දිත්වා" ලෙස නම් කර තිබේ.යේමනය විසින් යෝජනා කරන ලද මෙම නම, ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ  සහ එක්සත් ජාතීන්ගේ ආසියා සහ පැසිෆික් ආර්ථික හා සමාජ කොමිසමේ...
2025-11-27 05:47 PM
අරණායක සාමසර කන්දේ අවතැන් වුවන් පදිංචි කර සිටින මාවනැල්ල, අඹදෙනිය අරකොට වැල්ල ගම්මානයට යන එකම මාර්ගයේ පාලමක් නාය ගොස් ඇත. මේ නිසා අද 27 ගම්මානයේ බොහෝ දෙනෙකුට සිය කටයුතු කර ගැනීමට අපහසු වි ඇති බව එහි ගිය අපට ඔවුන් පෙන්වා දෙන ලදි.
2025-11-27 10:18 AM
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 6ක සිදුවූ නායයෑම්වලින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන මහතා සඳහන් කළේ, තවත් පුද්ගලයින් නව දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බවය.ඊයේ (26) දිනයේ ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්කයේ ස්ථාන රැසක නායයෑම් සහ පස් කඳු කඩා...
2025-11-27 07:53 AM
අද (27) සහ හෙට (28) අපොස උසස් පෙළ විභාගය නොපැවැත්වීමට විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය තීරණය කර තිබේ.විශේෂ නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය සමඟ ඇතිවී තිබෙන ආපදා තත්ත්වයන් හේතුවෙන් මෙම තීරණය ගත් බවය.විභාගය ඉදිරියේ දී පැවැත්වෙන දිනයන් පිළිබඳව...
2025-11-27 07:32 AM
වැඩිපුරම නරඹන
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට