Sri Lanka
නිවාස පිරිසිදු කිරීමට ලබාදෙන මුදල රු.25,000 දක්වා ඉහළට.
2025-12-02 06:21 PM

ආපදා හේතුවෙන් අවතැන්ව සිටින ජනතාව යළි සිය නිවාසවලට යාමේදී ඒවා පිරිසිදුකරගැනීම සඳහා රජය ලබාදීමට තීරණය කළ රුපියල් දසදහසක මුදල, රුපියල් 25,000 දක්වා ඉහළ ද දැමීමට තීරණය කර තිබේ.

මුදල් අමාත්‍යාංශය එම තීරණය ගත් බව එහි ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසීය. 

 ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කළ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා,

"ආපදා තත්ත්වය නිසා විපතට පත්වෙලා තියෙන ජනතාවට අවශ්‍ය කරන සහනය කඩිනමින් සලස්වාදීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ඉල්ලීමක් කරලා තිබුණා. අවශ්‍ය කරන ප්‍රතිපාදන සැලසීම සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදෙන ලෙස ඒ අනුව මේ විපතට පත්වෙලා ඉන්න ජනතාවට කඩිනමින් තම තමන්ගේ නිවාස වෙත ගිහිල්ලා අවශ්‍ය කරන පිළිසකර කිරීමේ කාර්ය හැකි විදිහට ආරම්භ කරවා ගැනීම සඳහා මුලින් ඉල්ලා සිටි රුපියල් 10,000ක මුදල වෙනුවට රුපියල් 25,000ක් මුදලක් දෙන්න මුදල් අමාත්‍යාංශය විසින් අපි අනුමැතිය දුන්නා.ඒ අනුව ලබාදෙන සමස්ත මුදල රුපියල් මිලියන හත්දහස් පන්සීයක් එය කඩිනමින් ලබාදෙන්න කියලා කිව්වා. ඒ වගේම මේ දක්වා ආපදාවකට පත්වෙලා ඉන්න පවුලකට අපි ගෙවන්න සූදානම් වෙලා හිටියේ රුපියල් 3,600ක මුදලක් පවුලේ සාමාජිකයින් අනුව, එම මුදල  මේ වෙනකොට රුපියල් 10,500 දක්වා එක පවුලකට ගෙවන මුදල වැඩිකරලා තියෙනවා"   

💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට