Sri Lanka
කෑගල්ලේ අද උදේ 9 වෙන කොට තත්වය
2025-12-01 01:02 PM
අයහපත් කාලගුණ තත්වය නිසා විපතට පත් වු ප්‍රදේශ රැසක ජනතාව මේ වන විට අවතැන් කඳවුරු සහ ආරක්ෂිත ස්ථාන වල කෑගල්ල දිස්ත්‍රීක්කයේ රදවා ඇත. එම සිදු විම් වලින් වැඩිම හානිය ද කෑගල්ල දිස්ත්‍රීක්කයේ වාර්තා වන්නේ අරණායක අම්බලකන්ද ප්‍රදේශයෙනි.
කෑගල්ල දිස්ත්‍රීක්කයේ වරකාපොල, අරණායක, මාවනැල්ල, ගලිගමුව, දෙහිඹවිට, දැරණියගල, බුලත්කොහුපිටිය, රඹුක්කන, කෑගල්ල, රුවන්වැල්ල, යටියන්තොට නාය යෑම් වලින් පවුල් 11884 ක් පමණ බලපෑමට ලක් වි ඇත. පුද්ගලයන් 42898 බලපෑමට ලක් විය. මෙ සියලු වාර්තා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාංශ මට්ටමින් 2025.11.28 සිට දෙසැම්බර් 01 වැනි දින උදෑසන 9 ය දක්වා ලබා ගත් තොරතුරු අනුව පුද්ගල මරණ 22 ක් සහ තුවාල ලබා ඇති ගණන 22 අතුරුදහන් වුවන් 48 ලෙස පොලිසියට සහ කෑගල්ල දිස්ත්‍රීක් කාර්යාලය වෙත වාර්තා වි ඇති බව උසස් නිලධාරීයෙක් පැවසීය. මෙම අනතුරෙන් මේ දක්වා පුර්ණ හානි වු නිවාස 57 ක් ඇතුලුව අර්ධ ලෙස හානි වු නිවාස ගණන 5077 සහ පවුල් 3417 ක් ලෙස වාර්තා වෙයි. ඒ අනුව ප්‍රදේශයේ සුරක්ෂිත මධ්‍යස්ථාන 169 ක පවුල් 4647 ක් ද සිටි.
කෙසේ වෙතත් කෑගල්ල දිස්ත්‍රීක්කයේ වැඩිම හානිය සහ පුද්ගල මරණ මෙන්ම නාය යෑම වාර්තා වි ඇත්තේ ගංතුන සහ අම්බලකන්ද ප්‍රදේශයෙනි, මෙම නාය යෑම නිසා අම්බලකන්ද ඉහළ සුළං කපොල්ල, දොතල්ඔය, ගංතුන යන ප්‍රදේශවල ජනතාව සුරක්ෂිත ස්ථාන සඳහා පැමිණිමට අවශ්‍ය සියලු මාර්ග මේ වන විට දැඩි නාය යෑම් වලට ලක් වි ඇත. ඔවුන්ට අවශ්‍ය ආහාර යනආදිය රජය මගින් පසුගිය දින කිහිපය පුරාම ලබා දී ඇත්තේ ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යොදා ගෙනයි. කෑගල්ල දිස්ත්‍රීක්කයේ වැඩිම හානිය සහ නාය යෑම වාර්තා වන්නේ අම්බලකන්ද මෙම ප්‍රදේශයෙනි.

මහනුවරට යන විකල්ප කොළඹ නුවර ප්‍රධාන මාර්ග
කඩුගන්නාව ප්‍රදේශයේ නාය යෑම් හේතුවෙන් එම මාර්ගයද ගනේතැන්න හන්දියෙන් සහ කඩුගන්නාව නගරයෙන් මාර්ගය වසා දමා ඇති අතරම එම මාර්ගය වසා
Facebook හරහා කියවන්න
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට