Sri Lanka
අරණායක විශාල නාය යෑමෙන් මාධ්‍යවේදියෙකුගේ නිවසකට හානි
2025-12-02 10:33 AM
අරණායක නාය යෑමෙන් මාධ්‍යවේදියෙකුද අසරණ වි ඇති අතර මේ වන විට ඔහුගේ නිවසින් කොටසක් නාය යෑම නිසා විනාශ වි ඇත.
සාමසර කන්ද නාය ඇතුලු අරණායක, මාවනැල්ල, කෑගල්ලේ බොහෝ විපත් අවස්ථාවලදි තම ජීවිතය පවා පරදුවට තබමින් ජනතාව වෙනුවෙන් දුක සැප සොයා බලමින් ඔවුන්ට පිහිට වු අරණායක මාධ්‍යවේදි රෝහණ බණ්ඩාර ජයරත්න මහතා මෙලෙස අසරණ තත්වයට පත් වි ඇත්තේය.
දසකයකටත් වැඩි කාලයක් ලංකාදීප සහ ලෙක්හවුස් පුවත් පත් වල අරණායක ප්‍රාදේශිය වාර්තාකරු ලෙස සේවය කරන ලද ඒ මහතා තම නිවස සියලු පහසුකම් සහිතව තමන් දහඩියෙන් මහන්සියෙන් උපයා ගත් මුදල් වලින් නිම කර ගත් මාධ්‍යවේදියෙකි. සිය මව සහ පියා රැක බලා ගනිමින් ඔවුන්ගේ රෝගී තත්වයන් වලට උපකාරයන් කරමින් මෙම නිවසේ ජිවත් වුවාය.
තවද මේ වන විට විශාල ගල් කුට්ටි සහිත විශාලම නාය යෑමේ තවත් කොටස් ඉදිරි කාලයේ හෝ පසුව සංකීර්ය විමේ ඉඩ කඩක් පවතින අතර එසේ වුවහොත් බණ්ඩාර මහතාගේ නිවසේ ඉතිරි කොටස්ද විනාශ වි යනු ඇත.
කෑගල්ල දිස්ත්‍රීක්කයේ විශාලතම නාය යෑම ලෙස අම්බලකන්ද නාය යෑම වාර්තා වන අතර මෙම නාය බෙරවිල ජලපද අක්කරය හය කොටසින් ආරම්භ වි පෝඩාපේ ග්‍රාම නිලධාරි වසමට දැඩි හානි සිදු වි ඇත. ඒ මගින් දෙයියන්වල ග්‍රාම නිලධාරි වසමේ නිවාස හා පෝඩාපේ ග්‍රාම නිලධාරි වසමේ නිවසක් වන අප මාධ්‍යවේදියාගේ නිවසටද හානි සිදු වි ඇත.
මාධ්‍යවේදි රෝහණ බණ්ඩාර ජයරත්න මහතාට උපකාරයක් කරන ඔබට ඔහු සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය නම් ඔහුගේ දුරකථන අංකය වන 0768954180 වෙත දුරකථන ඇමතුමක් ලබා දී එතුමා සම්බන්ධ කර ගත හැකි අතර මේ වන විට අරණායක නාය යෑම් වලින් විපතට පත් වු ජනතාව සුරක්ෂිත ස්ථාන කිහිපයක රදවා ඇත.

මාවනැල්ල සමන් විජය බණ්ඩාර


💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට