Sri Lanka
අපිරිසිදු බව වැඩි ඒ නිසා හෙම්මාතගම සති පොල හෙට නවත්වනවා PHI
2025-12-01 05:26 PM
හෙම්මාතගම සති පොල හෙට දිනයේ පැවැත්විමට සුදුසු තරමේ පරිසරයක් එහි නොමැති බවත් පිළිපැදිය යුතු නිතී වලට අනුගත වුනේ නැතිනම් 02 වැනි දින පොල පැවැත්විම තහනම් කරන බව හෙම්මාතගම මහජන පරීක්ෂක එම්.ඒ.ආර් සමන් කුමාර මහතා මාධ්‍ය වෙත පැවසීය.
සති දෙකක සිට එහි පවතින කුණු මළු ඉවත් කර නොමැති අතර සුනඛයන් විසින් එම පොලේ පක්කි මත නිදා සිටින අතර එහි ජරා කොට මළ මුත්‍රා කර ඇති අතර සමහර තැන් වල දින කිහිපයක් තිබු එළවළු සහ කුණු වල පණුවන් සිටින බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට නිරීක්ෂණය වි ඇත.
තවද ප්‍රදේශයේ යාචකයන් කිහිප දෙනෙක් එහි රාත්‍රීය පහන් කර මළ මුත්‍රා සිදු කරන අතරම පිටින් පැමිණෙන අයද මෙහි මළ මුත්‍රා කොට යෑම හේතුවෙන් එළවළු දමා විකිණිම මගින් ඒවා ආහාර වශයෙන් ගැනීම මගින් විවිධ රෝගී තත්වයන් නිර්මාණය විය හැකි නිසා මේ පිළිබඳව තමන් ඉහළ නිලධාරීන් දැනුවත් කිරීමක් සිදු කර බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසීය.
හෙට දිනයේ සති පොල පවත්වන්නේ නම් විෂබිජ දියරයක් මගින් සේදිමෙන් පසුව එළවළු විකිණිම සිදු කර හැකි බවයි එතුමන් වැඩිදුරටත් අප කල විමසීමකදි පවසා සිටියේ.
කෙසේ වෙතත් අපට දැක ගත හැකි වුයේ ඒ අවට කුණු ජලය බැස යන කාණු සම්පුර්ණයෙන් අපජලය හිරවි දැඩි දුගඳක් හමා යන අන්දමයි. තවද පොල භූමියේ බක්කි වල සුනඛයන් නිදියමින් ජාරා කොට ඇති අන්දමද දැක ගත හැකි විය. රාත්‍රී එහි පහන් කරන පවුලක්ද දැක ගත හැකි විය. කෙසේ වෙතත් මෙවැනි අපිරිසිදු ස්ථානයක මහජන පොල පැවැත්විම මගින් සිදු වන්නේ ජනතාව රෝගී තත්වයන් වලට මුහුණ පෑම පමණි. ඒ නිසා මේ පිළිබඳව වගකිව යුතු අයගේ අවදානය අනිවාර්යෙන්ම යොමු විය යුතුව ඇත.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට