ලංකාවේ බිත්තර නිෂ්පාදනය වෙනුවෙන් විෂාලතම දායකත්වයක් සපයන එම් එ් එම් ෆාර්ම් ආයතනය පැවති ධාරානිපාත වර්ෂාව නිසා වාන් දොරටු 8ම විවෘත කිරීමට සිදුවූ දැදුරු ඔය ජලාශයේ පිටාර ජලය හේතුවෙන් මුලූමණින් විනාෂ වී ගොස් ඇත.
මේ වනවිටත් විවිධ රාජ්‍ය ආයතන ආපදා සහන ආයතන පැමිණ එහි නිරීක්‍ෂණ සිදුකරමින් පැවතියත් පවත්නා ජලක`ද හේතුවෙන් එම පරිශ‍්‍රයේ ඇතැම් ස්ථාන වෙත ල`ගාවීමට හෝ නොහැකි තත්වයක් පැවතීම හේතුවෙන් අලාභය මෙතෙකැයි කිව නොහැකි බව ඔවුන් පැවසීය.
කෙසේවෙතත් සමස්තලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා බෝට්ටු කිහිපයක් යොදවා අදාළ ගොවිපල බිමට ඇතුලූව එහි එක් පරිශ‍්‍රයක තෙදිනක් පුරාවට ආහාර වර්ජිතව රැ`දී සිටි ගොවිපල සේවකයින් හා අසළ ගමක සිටි විශාල පිරිසක් මුදාගැනීමට කටයුතු කර තිබිණ.
තවත් පරිශ‍්‍රයක බිම් කොටු වල බිත්තර නිෂ්පාදනය කරමින් සිටි කිකිලියන් ලක්‍ෂ 40කට ආසන්න ප‍්‍රමාණයක් කොටු ඇතුළේම මඩ සහිත ජලය පිරී තිබීම නිසා මියගොස් තිබෙනු දක්නට ලැබුණ අතර වෙළ`ද පොලට නිකුත් කිරීමට ගබඩාකර තිබූ බිත්තර අනූ දහස ක් පමණ වූ බහාලූම් දෙකක්ද පැ?ලිය දුම්රිය අනතුර සෙයින් ජලයට ගසාගන ගොස් තිබෙනු දැකගතහැකි විය.
කෙසේවෙත් බිංගිරිය පොලිසිය වහා මැදිහත්ව ආපදා සහන මධ්‍යස්ථානය සම්බන්ධකරගනිමින් බෝට්ටු දෙකක් රැගෙනවිත් තිබූ අතර එම බෝට්ටුද අදාළ ස්ථානය වෙත ල`ගාවිය නොහැකි තත්වයක් නිසා සභාපති සරත් රත්නායක් මහතා වහාම ජෙට්ස්කි බෝට්ටු කිහිපයක් ගෙනැවිත් වහාම මුදාගැනීමේ කටයුතු හා පිසූ ආහාර ඇතුලූ භාණ්ඩ ප‍්‍රවාහන කටයුතු සිදුකරමින් සිටියදී අදාළ ජෙට්ස්කි බෝට්ටුවද ක‍්‍රියා විරහිතවී ජලයේ ගසාගන යනු දැකගත හැකිවිය. එහි ක‍්‍රියාකරුද මහත් පරිශ‍්‍රමයක් යොදාගනිමින් බේරාගත හැකි විය. </div>
එමෙන්ම අදාළ භූමිබාගය පෙරේදා(29* ජලාශයක් ලෙසින් දිස් වූ අතර මතුපිටට පෙනුනේ කුකුල් කොටු 3ක් පමණි. ඉතිරි සියල්ලමපාහේ ජලයෙන් වැසීගොස් තිබිණ. එහි ගබඩාකොට තිබූ සත්ව ආහාරද ටොන් ගණනින් දියබත්ව ප‍්‍රයෝජනයට ගතනොහැකි අන්දමින් විනාෂ වී තිබූ බව එහි සේවකයෝ පවසති. විදුලි ජනක යන්ත‍්‍ර ආදී මිලෙන් ඉහල විදුලිය උපකරන පවා යළි ප‍්‍රයෝජනයට ගත නොහැකි අන්දමින් විනාශවී තිබෙනු දැකගත හැකිවිය. තැන තැන දැදුරු ඔයේ පාව ආ ගවයින් ප‍්‍රමුඛ සත්ව මලක`දන් හේතුවෙන් ප‍්‍රදේශයේ දැඩි දුග`දක්ද හමයි.
කෙසේවෙතත් සියලූ දෙනා මෙවන් විපත්තිදායක අවස්ථාවේදි මිනිස්කම හිසින් දරා කටයුතු කරමින් සිටින අවස්ථාවේ පොලිසිය මගින් සම්බන්ධකර තිබූ ගලවාගැනීමේ මෙහෙයුමට කැ`දවා තිබූ බෝට්ටුවක හිමිකරුවෙකු එගොඩට යාම වෙනුවෙන් රුපියල් හතලිස් දහසක මුදලක් ඉල්ලාසිටීම හේතුවෙන් උණුසුම්කාරී තත්වයක්ද උද්ගතවෙමින් තිබියදී පොලිසිය වහා මැදිහත්ව මේ අවස්ථාව ව්‍යාපාර කිරීමට වෙලාව නොවන බව බෝට්ටුකරුට තරයේ අවවාද කරමින් තත්වය පාලනය කළේය.
අප කළ විමසීමේදී අදාළ ලංකාවේ විෂාලතම බිත්තර නිෂ්පාදනාගාරයේ කළමණාකාර අධ්‍යක්‍ෂ මොහොමඞ් අක‍්‍රම් මහතා කියාසිටියේ මුදල් කවදාහෝ සොයාගතහැකි බවයි. තමා යටතේ ජාතිබේධයකින් තොරව සහෝදරත්වයෙන් සේවය කළ සේවකමහතුන් දෙදහසකට ආසන්න පිරිසක් මේ සිද්ධිය හේතුවෙන් දැඩි අසරණබාවයට පත්ව තිබීම තමා දැඩි කණගාටුවටත් කනස්සල්ලටත් පත්වූ කරුණක් බවත් පාපැදියක් හෝ නොමැතිව මෙපමණ ජීවිතයක් ගොඩනගාගැනීමට හැකිවූ තමන්ට මෙම පිරිස නැගිට්ටවමින් ආ ගමන යළිත් ආරම්භ කරන බවත් පැවසූ එ් මහතා සියලූම සේවක සේවිකාවන් මේ ව්‍යසන කාරී අවස්ථාවේ අත්නොහැර එකටම යළිත් මුල සිටම ආරම්භ කරන බවත් පැවසීය.
මෙම ව්‍යසනය හේතුවෙන් ඉදිරියේ බිත්තර මිළෙහි පවා යම් වෙනසක් ඇතිවීමේ අවදානමක් පවතින බවට ඇතමුන් මත පලකරති.
කුලියාපිටිය දිනේෂ් උපේන්‍ද්‍ර