Sri Lanka
නුවරඑළියේ අතරමං වූ විදෙස් සංචාරකයින් ගුවනින් කොළඹට
2025-12-01 03:41 PM
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය, රම්බොඩ ප්‍රදේශයේ අතරමංව සිටි විදේශීය සංචාරකයින් කණ්ඩායමක් ගලවා ගැනීමට ගුවන් හමුදාව සමත්වී තිබෙනවා.

මෙලෙස බේරාගත් විදේශ සංචාරකයින් කණ්ඩායමට විවිධ රටවල් නියෝජනය කරන සංචාරකයින් 21 දෙනෙකු ඇතුළත් බවයි සංචාරක අමාත්‍යංශය නිවේදනය කළේ.

ඒ අනුව, එම පිරිස අතරට ඉන්දියානු සංචාරකයින් 11දෙනෙක්, දකුණු අප්‍රිකානු සංචාරකයින් 04දෙනෙක්, ජර්මානු ජාතික සංචාරකයින් 02ක්, බ්‍රිතාන්‍ය සංචාරකයින් 02ක් සහ ස්ලෝවේනියානු සංචාරකයින් 02ක් ඇතුළත්.

මෙම සංචාරකයින් කණ්ඩායම ඊයේ (30) පස්වරුව වන විට හෙලිකොප්ටර් මගින් කොළඹ වරාය නගරය (Port City Colombo) වෙත ආරක්ෂිතව රැගෙනවිත් තිබෙනවා.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට