Sri Lanka
උණුසුම් පුවත්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉරානයට එරෙහිව ක්‍රියාත්මක හමුදා මෙහෙයුම්වල අරමුණු"සම්පූර්ණ වීමට ආසන්න" බව ප්‍රකාශ කරමින්, ඉදිරි සති කිහිපය තුළ එම කටයුතු අවසන් කරන බවට සපථ කර තිබේ.වොෂින්ටනයේ සිට අද (02) ජාතිය අමතමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ, ඉදිරි සති 2-3 ඇතුළත ඉරානයේ සියලුම විදුලි බලශක්ති මධ්‍යස්ථාන වෙත ඉතා ප්‍රබල ප්‍රහාර එල්ල කරන...
2026-04-02 08:33 AM
පවතින වියලි කාලගුණික තත්ත්වයත් සමග හලාවත සහ ඒ අවට තැඹිළි සහ කුරුම්බා මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවක් දක්නට ඇත.තැඹිළි ගෙඩියක් රුපියල් 250 ක මිලකට අලවි කළ හැකි වුවත් සම්පාදනය කර ගැනීම ගැටළුවක් බව ව්‍යාපාරිකයින් සදහන් කරයි.මේ අතර,තැඹිළි වෙනුවට ආදේශකයක් ලෙස ඇතැම් ව්‍යාපාරිකයින් කුරුම්බා ගෙඩියක් රුපියල් 150 ක...
2026-04-01 11:20 PM
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රු 30කින් ඉහළ දමා ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.එම සංගමයේ සභාපති, හර්ෂණ රුක්ෂාන් මහතා පවසා සිටියේ, කෙටි කෑම මිලද රුපියල් 10කින් ඉහළ නංවා ඇති බවය.මේ අතර ප්ලේන්ටියක් සහ කිරි තේ එකක මිල ද රුපියල් 5කින් ඉහළ දමා තිබේ.අප්‍රේල් මස...
2026-03-31 11:07 AM
මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි පොලිස් විශේෂ කාර්ය බලකා ගෝනහේන කඳවුරේ නිලධාරීන් විසින් සැකකටයුතු යතුරුපැදියක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසීය.එහිදී ඔවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 470ක් සහ හෙරොයින් ග්‍රෑම් 230ක් සොයාගෙන ඇති බව වාර්තා වේ.අත්අඩංගුවට ගත් සැකකරුවන් 25 සහ 26 හැවිරිදි වියේ...
2026-03-30 10:21 AM
මෙම වසරේ දෙවන කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය අද (30) දැනුම්දීමට නියමිතව තිබේ.ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් මෙම ගාස්තු සංශෝධනය පිළිබඳව  දැනුම්දීමට නියමිතව ඇත.ඒ අනුව අද පස්වරු 2.00ට පමණ දෙවන කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව එම කොමිෂන් සභාව විසින් නිල වශයෙන් දැනුවත් කිරීමටද නියමිතය.
2026-03-30 10:14 AM
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන 38 හැවිරිදි රාජපක්ෂ පතිරණලාගේ ප්‍රභාත් මධුසංඛ නොහොත් මිදිගම චූටි ඕමානයේ සිට විශේෂ පොලිස් නිලධාරීවරුන් කණ්ඩායමක් විසින් අද (30) අලුයම දිවයිනට වෙත රැගෙන විත් තිබේ.ඔහු මිනීමැරුම්, මංකොල්ලකෑම්, ගිනිඅවි සන්තකයෙහි තබා ගැනීම, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු චෝදනා රැසකට ශ්‍රී ලංකාවේ අධිකරණ කිහිපයකම...
2026-03-30 10:00 AM
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාර දී තිබේ.කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා ඉදිරියේ අද (27) මෙම චෝදනා භාරදීම සිදු වු බව "අද දෙරණ" අධිකරණ වාර්තාකරු පැවසීය.මීට පෙර අධිකරණය විසින් නිකුත් කර තිබූ සිතාසියකට අනුව විත්තිකාර කුමාර ජයකොඩි මහතා අධිකරණය හමුවේ...
2026-03-27 12:47 PM
අතරමැදියන්ගෙන් තොරව රාජ්‍ය යාන්ත්‍රනය හරහා ගොවීන්ට පෙහොර නිකුත් කිරිමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පැවසුවේ, ඒ අනුව පොහොර මිටියක් අලෙවි කළයුතු මිල සම්බන්ධයෙන්ද පෞද්ගලික අලෙවිකරුවන් සමග එකඟතාවයකට පැමිණ ඇති බවයි.
2026-03-27 10:53 AM
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇතිවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් එහි එක්දින සේවාව ඇතුලු සියලුම මහජන සේවාවන් අත්හිටුවා ඇති පසුබිමක අදත් (27) පිරිස් එහි පැමිණ තිබේ.එම දෙපාර්තමේන්තුව ඊයේ (26) දැනුම්දී සිටියේ, පරිගණක පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් එහි සියලුම මහජන සේවාවන් නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා ඇති බවය.එවන් පසුබිමක අද උදෑසන සිට...
2026-03-27 10:43 AM
මහකුඹුක්කඩවල පොලිස් වසමේ සොහොන්කල්ම ප්‍රදේශයේදී පියා විසින් පොරවකින් පහරදී පුත්‍රයෙකු ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.මෙම ඝාතනය ඊයේ (26) රාත්‍රී කාලයේදී සිදුව ඇති අතර, මියගොස් ඇත්තේ සොහොන්කල්ම ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි තරුණයෙකි.මරණකරු තම පියා සමඟ නිවසේ මත්පැන් පානය කරමින් සිටියදී ඇති වූ ආරවුලක් මත, පියා විසින් පොරවකින් පහරදී මෙම...
2026-03-27 10:32 AM
තායිලන්තයේ සිට මෙරටට නීතිවිරෝධීව රැගෙන ආ සජීවී විසිතුරු පැළ තොගයක් සමග මගියෙකු ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අද (27) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.රුපියල් ලක්ෂ 2කට අධික වටිනාකමකින් යුත් අදාළ පැළ තොගය සමග සැකකරු 'Green Channel' ඔස්සේ පිටව යෑමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට පත්ව ඇත.මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 57 හැවිරිදි සැකකරු අලුයම 12.30ට...
2026-03-27 10:10 AM
ආසියානු වෙළෙඳපොළේ අද (27) පෙරවරුව වන විට බොරතෙල් මිලෙහි සුළු පහළ යෑමක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 1.2%කින් පහළ ගොස් අමෙරිකානු ඩොලර් 106.76ක් ලෙස සටහන් වී ඇති අතර, අමෙරිකානු බොරතෙල් (WTI) මිලද 1.1%කින් පහළ ගොස් ඩොලර් 93.41ක් ලෙස වාර්තා වේ.මෙම මිල...
2026-03-27 10:03 AM
ඒ, මෙරට රජයේ ආරාධනයකට අනුවයි.රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අතර සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.ඉන් අනතුරුව, රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා අද (26) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට ද නියමිතයි.එහිදී මෙරට බලශක්ති අර්බුදයෙන් මිදීම සඳහා වන එකඟතාවන්...
2026-03-26 09:23 AM
තංගල්ලේ පැවති ගුරු හමුවකට සහභාගි නොවීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ලෙස දන්වමින් තංගල්ල කලාප අධ්‍යාපන කාර්යලය සිදුකළ ඉල්ලීම දැඩි ලෙස හෙළා දකින බව හම්බන්තොට දිස්ත්‍රික් ලංකා ගුරු සංගමය පවසයි.එම සංගමයේ දිස්ත්‍රික් ලේකම් සුරංග චින්තක මහතා පැවසුවේ, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියට එලෙස කටයුතු කිරීමට කිසිදු හැකියාවක් නොමැති බවය.පසුගිය 15 වන ඉරු දින...
2026-03-26 09:12 AM
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් අද (26) මෙරටට පැමිණීමට නියමිතව ඇත.ශ්‍රී ලංකාවේ විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ සිදුකරන ඒකාබද්ධ පස්වන සහ හයවන සමාලෝචන සම්පූර්ණ කිරීමේ අරමුණින් ප්‍රතිපත්තිමය සාකච්ඡා පැවැත්වීම සඳහා මෙම පිරිස අප්‍රේල් 9 වනදා දක්වා දිවයිනේ රැඳී සිටින බව වාර්තා වේ.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජූලි කොසැක් මහත්මිය...
2026-03-26 09:07 AM
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ තෙවන වගන්තිය යටතේ සිදුකරන ලද වැරදිවලට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ දී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් නිකුත් කර තිබේ.සියලු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලිස් නිලධාරීන් වෙත ලිඛිතව අදාළ දැනුම්දීම සිදුකර ඇති බව වාර්තා වේ.අදාළ පනතේ වගන්තිවලට...
2026-03-26 08:50 AM
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සාමයට කැමැත්ත පලකරන අතර සාකච්ඡා අසාර්ථක වුවහොත් ඉරානයට දරුණු ප්‍රහාරයකට මුහුණදීමට සිදුවනු ඇති බව ධවල මන්දිරයට අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් පවසන්නේ, මේ මොහොතේ ඉරානය යථාර්ථය පිළිගැනීමට අපොහොසත් වුවහොත් ඔවුන්ට පෙර කිසිදා නොවුවිරූ ලෙස ප්‍රහාරයකට මුහුණදීමට සිදුවනු ඇති බවය.ධවල මන්දිරයේ ඊයේ (25)...
2026-03-26 08:39 AM
රැඳවුම් නියෝග භාරයේ සිටින හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.සුරේෂ් සලේ මහතා මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරමින් සිටී.කෙසේ වෙතත් ඔහුගේ අසනීප තත්ත්වය විමසා බැලීම සඳහා පවුලේ සාමාජිකයින් විසින් අවසර ඉල්ලා ඇතත් ඊට අනුමැතිය හිමිව...
2026-03-25 03:51 PM
මෙරට ඉන්ධන අවශ්‍යතාවයට වඩා සියයට 10කට වැඩි ප්‍රමාණයක් ඇණවුම් කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.එහි කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා ප්‍රකාශ කළේ, හදිසි ගබඩා කිරීම් නොකරන්නේ නම් රට තුළ අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන පවතිනු ඇති බවය.මැයි මාසයේ මැද දක්වා මෙරටට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව දෙරණ බිග්ෆොකස් වැඩසටහන සමඟ...
2026-03-25 01:04 PM
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ ගොස් තිබේ.ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 88.27ක් දක්වා අඩුවී ඇති අතර එය සියයට 4.42ක් බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 98.84ක් දක්වා අඩුවී ඇති අතර එය සියයට 5.41ක අඩුවීමක් වේ.මර්බන් වර්ගයේ බොරතෙල් බැරලයක...
2026-03-25 12:04 PM
වැඩිපුරම නරඹන
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට