Sri Lanka
තැඹිලි රුපියල් 250 ට නගී
2026-04-01 11:20 PM
පවතින වියලි කාලගුණික තත්ත්වයත් සමග හලාවත සහ ඒ අවට තැඹිළි සහ කුරුම්බා මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවක් දක්නට ඇත.

තැඹිළි ගෙඩියක් රුපියල් 250 ක මිලකට අලවි කළ හැකි වුවත් සම්පාදනය කර ගැනීම ගැටළුවක් බව ව්‍යාපාරිකයින් සදහන් කරයි.මේ අතර,තැඹිළි වෙනුවට ආදේශකයක් ලෙස ඇතැම් ව්‍යාපාරිකයින් කුරුම්බා ගෙඩියක් රුපියල් 150 ක මුදලකට අලවි කරන බවක්ද දක්නට ඇත.

පසුගිය වසරේ මුල් කාලයේදීද මේ ආකාරයට තැඹිළි වෙනුවට ආදේශකයක් ලෙස කුරුම්බා අලවි කරන්නට ඇතැම් ව්‍යාපාරිකයින් කටයුතු කර තිබුණි. කුරුම්බා අලවි කිරීම පසු කාලෙක දිවයින පුරා දැඩි පොල් හිගයක් ඇති වීමට එක් හේතුවක් වූ බවද පසුව ප්‍රකාශ වුණි.

වර්තමානයේදීද මේ ආකාරයට තැඹිලි වෙනුවට කුරුම්බා අලවි කිරීම සිදු කළ හොත් ඉදිරියේදී නැවත මෙරට තුළ පොල් හිගයක් ඇති වීමට ඉඩ ඇති බවද පොල් වගාකරුවන් සදහන් කරයි.

ජුඩ් සමන්ත
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට