Sri Lanka
සේවාවන් අත්හිටුවා ඇති ID ඔෆිස් එකට අදත් පිරිස් ඇවිත්
2026-03-27 10:43 AM
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇතිවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් එහි එක්දින සේවාව ඇතුලු සියලුම මහජන සේවාවන් අත්හිටුවා ඇති පසුබිමක අදත් (27) පිරිස් එහි පැමිණ තිබේ.

එම දෙපාර්තමේන්තුව ඊයේ (26) දැනුම්දී සිටියේ, පරිගණක පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් එහි සියලුම මහජන සේවාවන් නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා ඇති බවය.

එවන් පසුබිමක අද උදෑසන සිට පුද්ගලයින් ලියපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවා ලබා ගැනීමට ජනතාව පැමිණ ඇත.

ඇතැම් පිරිස් පසුගිය අඟහරුවාදා පැමිණ සිය කටයුතු සිදුකර ගැනීමට නොහැකිව පැමිණි පුද්ගලයන්ය.

එමෙන්ම ගංවතුරට හඳුනුම්පත නැති වූ පාසල් සිසුන්ද මෙහි පැමිණ ඇත

ඔවුන්ට සඳුදා පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා හැඳුනුම්පත අනිවාර්ය වී ඇති බව සඳහන්ය.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට