Sri Lanka
සුරේෂ් සලේව රෝහල්ගත කෙරේ
2026-03-25 03:51 PM
රැඳවුම් නියෝග භාරයේ සිටින හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

සුරේෂ් සලේ මහතා මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරමින් සිටී.

කෙසේ වෙතත් ඔහුගේ අසනීප තත්ත්වය විමසා බැලීම සඳහා පවුලේ සාමාජිකයින් විසින් අවසර ඉල්ලා ඇතත් ඊට අනුමැතිය හිමිව නොමැති බව සඳහන් වේ

ඊයේ (24) දිනයේ දී සලේ මහතාව රෝහල් ගත කර ඇති බව වාර්තා වේ. ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳ දැනුම්දීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා විසින් පරීක්ෂා කර ඇති අතර, පසුව වෛද්‍යවරයෙකු හමුවට යොමුකර ඇත.

එහිදී වෛද්‍ය උපදෙස් අනුව ඔහුව ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන් වේ.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට