Sri Lanka
රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවින් ඇතුලු දුත පිරිසක් අද (26) දිවයිනට පැමිණිමට නියමිතයි.
2026-03-26 09:23 AM
ඒ, මෙරට රජයේ ආරාධනයකට අනුවයි.

රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අතර සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

ඉන් අනතුරුව, රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා අද (26) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට ද නියමිතයි.

එහිදී මෙරට බලශක්ති අර්බුදයෙන් මිදීම සඳහා වන එකඟතාවන් කිහිපයක් සහ සාකච්ඡා සිදු කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.

අදාළ සාකච්ඡාවලින් අනතුරුව, හෙට (27) රාත්‍රියේ මෙරට විදේශ අමාත්‍යවරයා සහ රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා සමග රාත්‍රි භෝජන සංග්‍රහයකට ද එක්වනු ඇත.

දෙදින නිල සංචාරය අවසන් කර රුසියානු නියෝජ්‍ය අමාත්‍යවරයා 28 වැනිදා යළි රුසියාව බලා පිටත්වීමට නියමිතයි.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට