ශ‍්‍රී ලංකාවේ පිරිමි ජනග‍්‍රහණයේ අඩුවීම ඉදිරියේදී අර්බුද රැසක් නිර්මාණය කරන බව වයඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමින්ද මෙත්සිල මහතා පවසයි.මාධ්‍යට විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඊයේ 21 ඒ මහතා පැවසූ අතර එහිදී මෙසේද පැවසීය.
1995 වසරේදී කාන්තාවන් සිය දෙනෙකුට පිරිමින් 100.2ක් බවට තොරතුරු තිබුණත් 2024 වසරේදී එය කාන්තාවන් සියයකට පිරිමින් 93.7ක් බවට අඩු වෙලා. එකපැත්තකින් සංඛ්‍යාත්මකව එව 1995 දී පිරිමින් මිලියන 11.18ක් වුවද 2024 එය මිලියන 11.24 දක්වා වැඩිවෙලා. ඒ පිළිබඳව විද්‍යාත්මකව සලකා බැලීමේදී කාන්තාවන්ගේ උපත් වැඩිවී තිබෙනවා. එහෙම වෙන්නෙ කාන්තාවන්ගේ ආයු අපේක්‍ෂාව වැඩියි. තරුණ පිරිමින් විදෙස්ගතවන ප‍්‍රවණතාව දිනෙන් දින වැඩි වෙලා. දරුවන් ලැබීමේ සාපල්‍යතාවය අඩුවෙලා. ඒ උපත් වලිනුත් බහුතරයක් කාන්තා උපත්.
අද විශ්ව විද්‍යාලයක ගත්තත් ඉංජිනේරු පීඨ හා තාක්‍ෂණික පිීඨ වල හැරුණුකොට සෙසු සියල්ලන්ගෙම කාන්තා ප‍්‍රතිශතය වැඩියි. මේ අසමතුළිතතාවය ජාතික ශ‍්‍රම බලකායට තදින්ම බලපානවා. මොකද ඇතැම් රැකියාවන් පිරිමින්ට ආවේණික ඒවා. ඉන්න පිරිමින්ගෙන් බහුතර පිරිසක් විධායක ශ්‍රේණියේ රැකියාවලට යනවා. එදිනෙදා කටයුතු වලට කවුරුත් නොමැති බවක් පේන්නේ.
කාය ශක්තිය ගත්තත් පිරිමි අයට වැඩියි. එ්නිසා මේ අඩුවීම ශ‍්‍රම බලකායට ඍජුවම බලපාන්න පුලූවන්.
ග‍්‍රාමීය පාසැල් වැහෙනවාය කියන කාරනයත් විද්‍යාත්මකව විශ්ලේෂණය කළාම පාසැලට ළමුන් නැහැ. එ්කට හේතුවත් ඉස්සර පවුලක දරුවන් 10කට වැඞී. ඉතින් එහෙම පවුල් 10ක් 15ක් තිබුණාම ඒ ගමට පාසැලක් ඕන තමයි. අද වැඩිම වුණොත් පවුලක දරුවන් 2යි. එතකොට පාසැලකට සිසුන් නැහැ තමයි.
ආකල්පමය වශයෙනුත් දරුවන් ගැන තිබ්බ කථාව වෙනස්වෙලා. ඉස්සර කිව්වෙ දරු සම්පත කියලා. දැන් දරුවන් කියන්නෙ බරපතල වගකීමක් වෙලා. එ් නිසා වත්මන් තරුණ යුවල බොහෝමයක් කල්පනා කරන්නෙ දරුවන් හැදීම ලොකු බරක් කියලා.
අනෙක් භයානකම කරුණ තමයි කාන්තාවන් ගණනට පිරිමින් නැතිවුණොතින් ඉන්දියාවෙ වාගෙ වේවි. කෙසේ හො ලස්සන පෙනුම ඇති ධනවත් කාන්තාවන්ට පිරිමින් කෙසේ හෝ සොයාගත හැකි වුවත් ග‍්‍රාමීය දිළි`දු කතුන්ට විවාහ වෙන්නට පිරිමින් සොයන්න අපහසු වියහැකියි.
මේ තත්වය ඉතා බරපතල තත්වයක් අන්න එ් නිසා මේ සම්බන්ධව වැඩි බරක් යොදා තිරසාර විස`දුම් සෙවියයුතුමයි.
කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර