හෙම්මාතගම පවත්වන ලද පොසොන් පෙරහැර අද 26 රාත්‍රී 8.40 යෙදෙන සුභ මොහොතින් ආරම්භ කර අතර කරඩුව වැඩම වන ලද්දේ ශ්‍රී දළදා මාලිගාවේ ජනරාජා හස්තියා විසින්ය. අලි ඇතුන් උඩරට පහත රට නර්ථන කණ්ඩායම් වෙස්, මොනර මිහින්තලා අනුරුව, සඟමිත් තෙරණියගේ පිළිරුව වැඩම විම මෙම පෙරහරේ සිදු කරන්නට විය. හෙම්මාතගම කපුරැක්ක විහාරය අසලින් ආරම්භ වු පෙරහැර හෙම්මාතගම බෞද්ධ මන්දිරය පසු කරමින් හෙම්මාතගම මාර්ගය දිගේ හෙම්මාතගම මාවනැල්ල මාර්ගයේ අලුදෙනිය මං සන්දිය දක්වා විදි සංචාරය කර අතර පසුව කපුරැක්ක විහාරයෙන් ගෙවදිමට නියමිතව පවති. අප මෙය ලියන අවස්ථාවේ තවමත් පෙරහර ගෙවදීම සිදු කර නොමැති අතර රාත්‍රී 1 පමණ වන විට පෙරහර නැවත ගෙවිදිම සිදු වන බව සංවිධායක මණ්ඩලය පවසයි.
මෙම අවස්ථාවට රජයේ පරිසර අමාත්‍ය ධම්මික පටබැදි, පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද බණ්ඩාර, හිටපු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, පළාත් සභා මන්ත්‍රීවරුන් වන ආනන්ද මිල්ලන්ගොඩ, හර්ෂ සියඹලාපිටිය, මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ සභාපති පුතුල උඩගම යන මහත්වරුන් එක් විය.
හෙම්මාතගම පෙරහරේ සම්පුර්ණ විඩියෝව මේ මගින් ඔබට නැරඹිට හැකියාව ඇත.
සටහන සමන් විජය බණ්ඩාර