Sri Lanka
නෙත් මෙන් සුරකිමු කඩොලාන ග්‍රන්ථය දොරට වැඩීම
2025-07-23 10:59 AM
පරිසරවේදී ආර්ඒ.චමින්ද ප්‍රදීප් කුමාර මහතා විසින් රචිත නෙත් නෙත් මෙන් සුරකිමු කඩොලාන ග්‍රන්ථය දොරට වැඩීම ඉකුත් 22 වැනිදා සවස හලාවත - පම්බල කඩොලාන පරිශ්‍රයේදී සිදු කරන ලදි.
වසර 04 ක පමණ කාලයක් තමන් දිවයිනේ ස්ථාන ගනනාවක සංචාරය කරමින් කඩොලාන පිළිබදව ඇති කර ගත් දැණුම මෙම ග්‍රන්ථයට කැටි කර ඇති බව චමින්ද ප්‍රදීප් කුමාර මහතා සදහන් කරයි.
කඩොලාන යනු මිනිස් ජීවිතයේ කොටසක් වන බවත්ලකඩොලාන රැක ගැනීම ජනතාවගේ වගකීමක් බවත් මෙම අවස්ථාවට එක්ව සිටි නියෝජ්‍ය වන සංරක්ෂක දේවාණි ජයතිලක මහත්මිය පැවසුවාය.
නව ග්‍රන්ථය දොරට වැඩීමේ අවස්ථාවට ආගමික නායකයින්ලවිශ්ව විද්‍යාලය ආචාරවරුන්ලපාසල් ගුරුවරුන්ලරජයේ නිලධාරීන් සහ පාසල් පරිසර නියමු භටයින්ද එක්ව සිටියේය.
ජාත්‍යන්තර කඩොලාන දිනය ලබන 28 වැනිදාට යෙදී ඇත. පුත්තලම දිස්ත්‍රික්කයේ කලපු ආශ්‍රිත භූමි ප්‍රදේශ 08 ක් කඩොලාන රක්ෂිත ලෙස නම් කිරීමටද නියමිතව ඇත.
ජුඩ් සමන්ත
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට