Sri Lanka
සැගවු බීඩි කොළ සහ කෘමි නාශක තොගයක් නාවික හමුදාව සොයා ගයි.
2025-07-23 09:57 AM
ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනවිත් කිසියම් ස්ථානයකට ප්‍රවාහනය කිරීම සදහා සගවා තිබූ බීඩි කොළ සහ කෘමි නාශක තොගයක් කල්පිටිය නාවුක හමුදාවේ නිලධාරීන් විසින් සොයා ගෙන ඇත.

ඉකුත් 22 වැනිදා සවස කල්පිටිය - වෙල්ල දූපතේ වෙරළ තීරයේදී මෙම බීඩි කොළ සහ කෘමි නාශක තොගය නාවුක හමුදා නිලධාරීන් විසින් සොයා ගෙන ඇත.බීඩි කොළ කිලෝ ග්‍රෑම් 481 ක් අඩංගු පොලිතින් මළු 16 ක්,සහ වර්ගයට අයත්ග්‍ රෑම් 100 බැගින් අඩංගු පැකට් 70 ක් සහ වර්ගයට අයත් මිලි ලීටර් 100 බැගින් වූ බෝතල් 270 ක්ද නාවුක හමුදා නිලධාරීන් විසින් තම බාරයට ගෙන ඇති දෑ අතර වේ.

සැකකරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර, බීඩි කොළ සහ කෘමි නාශක තොගය වැඩි දුර විමර්ශණ කටයුතු සදහා පුත්තලම සුරාබදු නිලධාරීන්ට බාර දීමට නාවුක හමුදා නිලධාරීන් කටයුතු කර ඇත.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට