Sri Lanka
නාත්තන්ඩියේ වෙඩි තැබිමක් - කාන්තාවක් මිය යයි
43 | 2025-07-23 09:28 AM
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරකින් කාන්තාවක් මිය ගොස් කුඩා දරුවෙකු තුවාල ලබා ඇති බව මාරවිල පොලීසිය කියයි.
22 වැනිදා රාත්‍රී 9.30 ට පමණ නාත්තන්ඩිය - ඉද්දමල්ගමලමැද මරද ප්‍රදේශයේදී වෙඩි තැබීම සිදුවී ඇතග වෙඩි ප්‍රහාරයට ලක්ව මිය ගොස් ඇත්තේ නාත්තන්ඩිය - ඉද්දමල්ගමලමැද මරද පදිංචිව සිටි එදිරිසිංහ ආරච්චිලාගේ වසන්ති චතුරාණි අවු 30 නම්වූ දෙදරු මවකිගසිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ රිද්ම මෙතුෂ අවු09 නම් කුඩා පිරිමි දරුවෙකිගඑම දරුවා මිය ගොස් ඇති කාන්තාවගේ පුත්‍රයා බවත්ලඔහු මේ වන විට මාරවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බවත් පොලීසිය කියයි.
මිය ගොස් ඇතිි කාන්තාව තම දරුවා සමග කිසියම් අවශ්‍යතාවයක් සදහා ගොස් ත්‍රී රෝද රථයකින් ආපසු පැමිනෙමින් සිටින විට ඇයගේ නිවස ආසන්නයේදීම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇතගවෙඩි ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා කුඩා ප්‍රමාණයේ යතුරු පැදියකින් පැමිණ ඇති බවට විමර්ශණ වලදී අනාවරණය වී ඇත. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා සිටි කාන්තාව සහ ඇයගේ දරුවා ප්‍රතිකාර සදහා එම අවස්ථාවේදීම මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇතගරෝහල් ගත කරන විටත් කාන්තාව මිය ගොස් තිබී ඇත. ඝාතනයට ලක්ව ඇති කාන්තාවගේ සැමියා හෙරෝයින් මත් කුඩු ජාවාරම් කිරීමේ වරදට රක්ෂිත බන්ධනගාර ගතව සිටීගඇයගේ මවද ප්‍රදේශයේ මත් කුඩු ජාවාරමේ නිරත ර්‍ණකුඩු මාලි” නමින් ඇයව හදුන්වන බවත් විමර්ශණ සිදු කරන නිලධාරීන් සදහන් කරයිගඝාතනයට ලක්ව ඇති කාන්තාවද හෙරෝයින් මත් කුඩු ජාවාරමට සම්බන්ධ බවට පොලීසියට තොරතුරු ලැබී තිබී ඇත.
මෙම ඝාතනය කව්රුන් විසින් කුමන හේතුවකට සිදු කලාද යන්න මෙතෙක් අනාවරණය වී නැත. ඝාතනයට ලක්ව ඇති කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත. මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශණ කරගෙන යයි. ජුඩ් සමන්ත හලාවත

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර