Sri Lanka
වෙරළින් හමු වු ධීවරයාගේ මල සිරුර
2025-07-22 05:24 PM
මුන්දලම - සින්නපාඩුව වෙරළට ගොඩ ගසා තිබී ධීවරයෙකුගේ මල සිරුරක් හමුවී ඇති බව මදුරන්කුලිය පොලීසිය කියයි. 22 වැනිදා පෙරවරුවේ සිරුර හමුවී ඇත. හමුවී ඇත්තේ හලාවත වැල්ල කොළණිය පදිංචිව සිටි වර්ණකුලසූරිය නිහාල් රංජිත් ප්‍රනාන්දු :අවු 38 ක් වූ අයෙකුගේ බවට ඔහුගේ ඥාතීන් විසින් හදුනා ගෙන ඇත. ඔහු තිදරු පියෙකි. ඉකුත් 18 වැනිදා සවස හලාවත - වැල්ල ප්‍රදේශයෙන් මුහුදු ගිය යාත්‍රාවක් ගැඹුරු මුහුදේ පෙරළී යාමෙන් අනතුරක් සිදුවී තිබුණි. එම අනතුරින් ධීවරයින් දෙදෙනෙකු අතුරුදහන් වියගහමුවී ඇත්තේ එසේඅතුරුදහන්වූ එක් ධීවරයෙකුගේ සිරුරක් බව හලාවත වැල්ල ධීවර සමිතියේ සභාපති ඇන්ටන් රොශාන්ත මහතා සදහන් කරයි. එම අනතුරුන් අතුරුදහන්වී සිටින හලාවත - වැල්ල කොළණියේ පදිංචිකරුවෙකු වන වර්ණකුලසූරිය ජුඩ් ලක්ෂමන් 34 සිරුර මෙතෙක් හමුවී නැත හෙතෙම පස් දරු පියෙකි.
හමුවී ඇති මල සිරුර සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු මදුරන්කුලිය පොලීසිය විසින් ආරම්භ කර ඇත. ජුඩ් සමන්ත හලාවත
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට