Sri Lanka
පශු සම්පත් කර්මාන්තයට හානි කරන අය නිතීය හමුවට යන්න සුදානම් වෙන්න - ඇමති නාමල්
76 | 2025-07-22 06:15 AM
පශු සම්පත් කර්මාන්තයට හානි වන ආකාරයේ කටයුතු කළ කවරකෙුට වුවත් ඉදිරියේදී නීතිය හමුවට යාමට සිදුවීම අනිවාර්ය බව කෘෂිකර්ම සහ පශු සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න මහතා පැවසීය.
පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් මාදම්පේ - සෙම්බුකට්යේ පිහිටි වතු යාය තුළ නව අලවි සැළක් විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් නියෝජ්‍ය ඇමතිවරයා මේ බව කියා සිටියේය.පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ගුණාත්මක නිෂ්පාදන ජනතාව අතරට රැගෙන යාමේ අරමුණ ඇතිව දිවයින පුරා අලවි සැල් ස්ථානය කිරීමට කටයුතු කර ඇත.

ඒ අතරින් මාදම්පේ - සෙම්බුකට්ටියේ විවෘත කරන ලද්දේ 49 වන අලවි සැළයි. මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා මෙසේද පැවසීය.

සෑම පශු වෛද්‍ය කොට්ඨාසයකටම කිරි මධ්‍යස්ථානයක් විවෘත කිරීමට මේ වන විට කටයුතු සුදානම් කර තිබෙනවා.එම මධ්‍යස්ථානය පදනම් කර ගෙන ගොවීන්ට මුල්‍ය ආධාර,තාක්ෂණික ඇතුළු වෙනත් සහායන් ලබා දීමට කටයුතු කරනවා. මේ වෙනකොට දිනකට අපිට ලැබෙන්නේ කිරි ලීටර් ලක්ෂ 10 ක් පමණයි. 2029 වන විට අපේ ඉලක්කය වී ඇත්තේ දිනකට කිරි ලීටර් ලක්ෂ 30 ක් දක්වා වර්ධනය කිරීමයි.එවිට අපිට හැකියාව ලැබෙනවා කිරි අවශ්‍යතාවය සම්පූර්ණ කර ගන්න.හවස කිරි ගත්තොත් පමණයි අස්වැන්න වැඩි වෙන්නේ.

මේ බව අපි ගොවියාට කියලා දෙන්න ඕනේ.ඒ සදහා ඇති බාධාවන් ක්‍රමාණුකූලව අපි ඉවත් කළ යුතු වෙනවා. ගවයින් 20,000 ක් මෙරටට ගෙන්වීමේ ව්‍යාපෘතියක් පසුගිය කාලයේ තිබුණා. පසුගිය ආණ්ඩු කීපයම මැදිහත් වෙලා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කලා.ඒ අනුව ගවයින් 5000 ක් අපේ රටට ඕස්ට්‍රේලියාවෙන් ගෙන ආවා.මේ ගවයින් අපේ රටට ගෙන එන්නට පෙර ඒ රටේදී නීරෝධායනය කළ යුතුයි.නමුත් ගවයින් නීරෝධායනය කළේ අපේ රටට ගෙනාවට පස්සේ.එහිදී හදුනා එම ගවයින්ට වෛරස් රෝගයක් තියන බවට.එම සත්තුන්ට තවත් රෝග තිබෙන බවට සැකයක් මතු වුණා.මේ රෝග පැතිර ගියා නම් අපේ රටේ ගව සම්පත සම්පූර්ණයෙන්ම විනාශ වෙන්න ඉඩ තිබුණා.ඒ අනුව පශු පර්යේෂණ ආයතනය නිර්දේශ කලා මේ ගවයින් ලංකාවට ගේන්න එපා කියලා.එහිදී නොකියා කිව්වේ මේ ගෙනාපු ගවයින්ව විනාශ කරන්න කියන එකයි.ඒ ගවයින් තැන මැරි මැරී වැටෙන්න පටන් ගත්තා.ඒ ගවයින් 5000 ක් අද 400 ක් වත් ඉතිරි වෙලා නෑ.ඒ අතරින් හොදම ගවයින් ටිකයි සහනාධාරයි දේශපාලන ලොක්කෝ ටික බෙදා ගත්තා.ඉතිරි ගවයින් ටික දෙනාව ගොවීන්ට දුන්නා. අන්තිමේට සිද්ධ වුනේ ගොවීන්ගේ දේපල වෙන්දේසි වුණ එක ඊට පස්සේ අය - වැය තුළින් හෝ පරිපූරක ඇස්තමේන්තුවකින් මුදල් වෙන් කරන්නේ නැතිව නෙදර්ලන්තයේ බැංකුවකින් ඩොලර්මි ලියන 11.9 ක මුදලක් ණය මුදලක් අරගත්තා. 2018 මැයි මාසයේ 08 වැනිදා නැවතත් ඕස්ට්‍රේලියාවේ ආයතනයකට අත්තිකාරම් ගෙවීමක් කලා ඉතිරි ගවයින් ටික ගේන්න.අවුරුදු කීපයක් ගතවෙලා තිබුණත් ගවයෙක් තියා පූස් පැටියෙක්වත් අපේ රටට තවම ගෙනාවේ නෑ.ගත්තු ණය මුදල් වල පොලිය පමණක් අපි ගෙවමින් සිටිනවා.
මේ සියළුම කටයුතු වලට අදාල දේවල් ඉදිරියේදී සිදුවන බවත් කියන්න කැමතියි.ඒ වන විට හිටපු අමාත්‍යංශ ලේකම්වරිය,ජනාධිපති ලේකම්ගේ බිරිද ඇතුළු පිරිස ඇතුළු සියළුම දෙනාට කරපු අපරාධ වලට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා.ඒක අනිවාර්යයි.එහිදී ඔවුන් දේශපාකයින්ද නැත්නම් නිලධාරීන්ද යන්න අපිට අදාලවන්නේ නෑ.සියළුම දෙනාට නීතිය එක හා සමානව ක්‍රියාත්මක වේවි. පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගයාන් ජානක,නීතිඥ හිරුණි විජේසිංහ,පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති බී.සී.එස්.පෙරේරා යන මහත්මා මහත්මීන්ද මෙම අවස්ථාවට සහභාගි විය.

සටහන සහ ජායාරූප හලාවත ජුඩ් සමන්ත

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර