Sri Lanka
හෙම්මාතගම සිංහ සමාජයෙන් අඩු ආදායම් ලාභි දරුවන්ට පාසල් උපකරණ බෙදා දෙයි.
2025-07-15 04:52 AM
හෙම්මාතගම එලයිට් සිංහ සමාජයේ සමාජිකයින් එක්ව හෙම්මාතගම පාසල් දෙකක අඩු ආදායම්ලාභි දරුවන් 35 දෙනෙකුට පාසල් උපකරණ බෙදා දීම අද 30 වැනිදා සිදු කරන ලදි.
මේ සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීම වෙනුවෙන් පසුගිය ජුලි 08 වැනි දින රථවාහන සේදිමේ කටයුත්තක් සිංහ සමාජය එක්ව හෙම්මාතගම නගරයේ සංවිධානය කර තිබු අතර එම වාහාන සෝදා එක්වු මුදල් වලින් සහ සිංහ සමාජයේ සමාජික මුදල් යොදවා මෙම දරුවන් වෙනුවෙන් පාසල් පොත් පෑන් පැන්සල් යනආදිය ගෙනවිත් අද දින බෙදා දීම සිදු විය.
සිංහ සමාජය විසින් මෙම පාසල් තෝරා ගැනීමේ හෙම්මාතගම පල්ලිපොරුව මුස්ලිම් විද්‍යාලය සහ හෙම්මාතගම දේවි බාලිකා මහා විද්‍යාලය තෝරා මෙම කටයුත්ත සිදු කරන ලද්දේ ජාතික සමගියට පවා උදාහරණ සපයමිනි. පල්ලිපොරුව මුස්ලිම් විද්‍යාලයේ විදුහල්පති එම්.එස්.එම්.නිසාම් මහතා අදහස් දක්වමින් පැවසුයේ

අප පාසලේ දරුවන් 250 කට වඩා ඉගෙනුම ලබන බවත් මාවනැල්ල කලාපයේ ශිෂ්‍යත්වය සමත් වන දරුවන්ගෙන් වැඩි පිරිසක් මෙම පාසලෙන් සමත් වන නිසා මේ වන විට දරුවන් මාවනැල්ල සිට පාවා අධ්‍යාපනය ලැබිමට එන බවයි. එමෙන්ම ගුරුවරුන්ට වාර්ෂිකව ලැබෙන නිවාඩු කිසි දිනක ලබා නොගෙන සේවය කරන පාසලක් වන බවද පැවසීය.
පාසලේ අඩු ආදයම්ලාභි දරුවන් විශාල පිරිසක් සිටින අතර එයින් පිරිසක් මෙලෙස තෝරා මෙම සිදු කරන ලද පරිත්‍යාගය ප්‍රදේශයේ පවතින බොහෝ පොදු වැඩ කරන සිංහ සමාජයක් ලෙස අගය කර යුතු බවද පැවසීය. කෑ/මාව දේවි බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනියද පැවසුයේ බොහෝ අපහසුතාවලින් පෙලෙන අඩුආදායම් ලාභි දරුවන් වෙනුවෙන් කරන ලද මෙම සත් ක්‍රීයාව අගය කර යුතු අතර මෙවැනි කටයුතු තව තවත් සිදු කරන්නට වාසනාව සිංහ සමාජයට හැකි වේවායැයිද එතුමිය පැවසීය.
දරුවන් ඉතා සතුටෙන් එම පාසල් උපකරණ ලබා ගත් අතර සිංහ සමාජයේ සභාපති ලේකම්, ඇතුලු සමාජිකයින් ඊට එක් විය.

💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට