බස් එක නැති දවසට බබෙක් හම්බෙන්න ඉන්න අම්මා කෙනෙකුට සහ නගරයට හදිසියකට යන්න වීල් එකට රුපියල් 6000ක් ගන්නවා... පාරේ තියෙන ගැටලුව නිසා. මාසෙකට කිහිප වතාවක්ම බස් එක කැඩෙනවා..
එහෙම කැඩුනොත්. දවස් දහයක් විතර බස් එක ආයෙ නෑ.... පයින් කිලෝමීටර තිස්පහක් හතළිහක් යන්න ඕනි නගරයට..මිනිස්සු එහෙම ආවොත් මමත් ඒගොල්ලොන්ගේ පැත්ත අරන් මහරගම එනවා. බස් එක අරන් තමයි යන්නේ.. මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී. බස්නායක මහතා කියයි.
මහනුවර දිස්ත්‍රික්කයේ අති දුක්සර ගම්මානයක් වන මීමුරේ ගම්මානයෙ ගම්වැසියන්ගේ පාරිභෝජනය වෙනුවෙන් පසුගිය කාලයේ බස් රථ දෙකක් ලබා දී තිබුණත් ගම්මානේ ධාවනය සඳහා ලබා දී ඇත්තේ එක් බස් රථයක් පමණි. මාර්ගයේ තිබෙන පටු භාවය සහ කඳු හේතුවෙන් බස් රථ ගමන් කිරීමේදී ඉතා ඉක්මනින් අබලන් තත්ත්වයට පත්වන අතර එසේ බස් රථයේ කැඩුණු විට දින දහයක් පමණ නැවත ත් බස් රථයක් ගමට පැමිණෙන්නේ නැති බව ගම්වැසියන් කියයි.
එසේ වූ විට මීමුරේ ගම්වැසියන් උඩුදුම්බරට යෑම සඳහා ත්‍රීවිල් රථයට රුපියල් හයදාහක් ගෙවිය යුතුවේ. පාසල් යන දරුවන් සති කිහිපයක් පාසල් නොයා ගෙවල්වල නතර වන බවත් ඇතැම් පුද්ගලයින් කිලෝමීටර් 35 ක් හතළිහක් පමණ පයින් ගමන් කරන බවත් ගැබිණි මාතාවක් තම සායන සඳහා යෑමට රුපියල් 6000ක් වියදම් කළ යුතු බවත් පවසන ගම්වාසීන් කියා සිටින්නේ මාරුවෙන් මාරුවට බස්රථ දෙකක් තිබුණේ නම් මෙම ගැටලුව ඇති නොවන බවයි වසර කිහිපයකට පෙර. බස් රථ දෙකක්. මීමුරේට ලබා දී තිබුණත්. ඉන් එක් බස් රථයක් මහරගම ප්‍රධාන ඩිපෝවේ සේවකයින්ගේ පාරිභෝජනය සඳහා තබාගෙන ඇති බවත්ලංකාවටම මෙවැනි බස් රථ ඇත්තේ හතරක් වන අතර. මේ පිළිබඳව වර්තමාන ආණ්ඩුවට දන්වා එම බස් රථය ලබා දෙන ලෙස ඉල්ලීම් කළ පසු ලබා දෙනවා යැයි පොරොන්දු වී ලියුම් ද අනුමත කොට පසුගිය 14 වැනිදා බස් රථය රැගෙන ඒමට. තෙල්දෙනිය ඩිපෝවේ. පිරිසක් මහරගමට ගියත් ඔවුන්ගේ විරෝධය හේතුවෙන් එය රැගෙන ඒමට නොහැකි වී ඇත.
මෙම ගැටලුවට මේ වනතුරුත් පිළිතුරක් ලැබී නොමැති අතර ගම්වැසියන් ප්‍රකාශ කරන්නේ. තව දින කීපයක් බලා මුළුගමම එකතුවීම් මහරගමට පැමිණෙන බවය.. මේ පිළිබඳව විමසීමේදී මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී EM බස්නායක මහතා පවසා සිටියේ. ගම්වැසියන් සමග එකතුවී තමන්ද. මහරගමට පැමිණෙන බවත් එසේ වුවහොත්. අනිවාර්යයෙන්ම බස් රථය රැගෙන යන බවත් ගැටලුවක් ඇතිවීමට පෙර. හැකි ඉක්මනින් බස් රථය ගම්වැසියන්ට ලබා දෙන ලෙසත්ය.
සටහන ජායාරූප : මහියංගණ - රංජිත් කරුණාවීර