Sri Lanka
සරසවි සිසුවියගේ සිරුර දියබානා වැවෙන් හමුවෙයි - ජායාරූප සහිතයි.
2025-07-21 05:51 PM
මහියංගණ මාපාකඩවැව, 17 කණුව ප්‍ර දේශයේදී, ඊයේ 20 දින සවස 5.00 පමණ මහවැලි වියානා ඇළට වැටී අතුරුදහන් වු සරසවි සිසුවියගේ සිරුර අද 21 දින උදෑසන 11.00ට පමණ, ඇය අතුරුදහන්ව පැය 18කට පමණ පසුව, අතුරුදහන් වු ස්ථානකයේ සිට කිලෝමීටර් 4කට පමණ ඇළ පහළින්, දියබානා වැවේ පාවෙමින් තිබියදී හමුවිය. අතුරුදහන් ඇයගේ සිරුර සොයා අද දින මහියංගණ පොලිසිය හා ගම්වාසීන් සිදු කල මෙහෙයුමේදී එලෙස ඇගේ සිරුර සොයාගැනිමට හැකි විය. මියගිය තැනැත්තියගේ පවුලේ ඥාතින් රැසක්ද දියබානා වැව වෙත පැමිණ සිටියේය. මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්ෂණය හා මරණ පරික්ෂණය සිදු කිරීමට නියමිතව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මහියංගණ පොලිසිය විසින් රාජකාරි කටයුතු සිදුකරනු ලබති.

සටහන ජායාරූප : මහියංගණ - රංජිත් කරුණාවීර
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට