Sri Lanka
රාජ්‍ය ආදායමේ කැපීපෙනෙන වැඩිවීම 19.95%ක වර්ධනයකි.
2025-07-21 03:05 PM
2025 ජනවාරි සිට මැයි දක්වා මාස 05ක කාලපරිච්ඡේදය තුළ දී රුපියල් බිලියන 1,942.36ක රාජ්‍ය ආදායමක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙය 2024 වසරේ මුල් මාස 05 දී රාජ්‍ය ආදායම් අගය වූ රුපියල් බිලියන 1,619.23 හා සැසඳීමේ දී 19.95%ක වර්ධනයකි.මේ සඳහා රජයේ බදු ආදායම මෙම වකවානුව තුළ දී රුපියල් බිලියන 1,491.25 සිට රුපියල් බිලියන 1,802.48 ක් දක්වා 20.87%කින් ඉහළ යාම ප්‍රධාන වශයෙන් දායක වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සතිපතා නිකුත් කරනු ලබන ආර්ථික දර්ශක වාර්තාවෙහි මේ බව සඳහන් වේ.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට