Sri Lanka
බිත්තරයක මිල රුපියල් 2 කින් අඩු කරන්න යයි.
2025-07-21 07:57 AM
මේ සතියේ බිත්තර මිල තවත් රුපිය්ල් දෙකකින් අඩු කිරීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ඊයේ රාත්‍රියේ (20) පැවත් සාකච්චාවෙන් අනතුරුව තීරණය කර ඇත. එහි සභාපති සරත් රත්නායක මහතා පැවසුවේ අතිරික්ත තොග පැවතීම හා මව් සතුන් ප්‍රමාණය වැඩි බැවින් නිකුත් කරන පැටව් ප්‍රමාණයේ විශාලත්වයත් ඊට හේතුව බවයි. එහෙත් පොඩි ගොවියාට කර්මාන්තය කරගන යාමට නොහැකි තත්වයක් මේ හරහා නිර්මාණය වෙමින් ඇති නිසා ග්‍රාමීය කර්මාන්තය නඟාහිටුවීමට වහා මැදිහත්ව මව් සතුන් ආනයනය සීමා කරදෙන්නැයි සංගමයක් ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කරන බවද ඒ මහතා පැවසීය. එසේ වුවහොත් ඇතැම්විට සතිය මැද යම් වැඩිවීමක් අපේක්ෂා කරන බවත් මේ තීරණය කුඩා, මධ්‍ය හ මහා පරිමාණ ගොවීන්, කුඩා, මධ්‍ය හා වෙළඳුන් මෙන්ම ප්‍රවාහනකරුවන්, කොළඹ තොග වෙළඳුන් ඇතුලු පිරිසකගෙන් සමන්විත මණ්ඩලයක් විසින් කළ දීර්ඝ සාකච්චාවකින් අනතුරුව විනා තමන් තනිව ගෙන ඇති තීරණයක් නොවන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය..

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට