සබුද්ධි සංවිධානය කවිය හැදෑරීම,කවි නිර්මාණය ,කවි විචාරය හා කවිය පිළිබද පරපර්‍යේෂණ කරන ලාභ නොලබන සංවිධානයකි.එහි සභාපති ආචාර්‍ය තමීර මංජු මහතා ඇතුළු සබුද්ධි සංවිධානයේ විධායක කමිටුව විසින් 2025 වසරේ සබුද්ධී ශ්‍රී ලංකා ප්‍රධානී ලෙස පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියන්ත බණ්ඩාර මහතා පසුගියදා තේරී පත් විය.
ප්‍රියන්ත බණ්ඩාර මහතා මට හමු වෙන්නේ 2022 - 2023 වසරවල දී ෆේස්බුකයෙන්. 2023 අගෝස්තු 13වැනිදා 36වැනි කවිකතාවේ දී ඔහු නිල වශයෙන් ම සබුද්ධි සමඟ එක් වෙනවා. එතැන් සිට ගෙවී ගිය සෑම දිනක ම ප්‍රියන්ත බණ්ඩාර මහතා සබුද්ධි උන්නතිය වෙනුවෙන් මහා කැපවීමක් කළ අයෙක්. ඔහු සිය පවුලේ වගකීම් පවා සබුද්ධි කටයුතුවලදී කැප කළා.
සබුද්ධි ජාතික සංවිධායක ධුරයට පත් වීමෙන් පසුව සබුද්ධි අරමුණු වෙනුවෙන් ඔහු ඉටු කළ වගකීම් ඉමහත්. අද ඔහු සබුද්ධි ශ්‍රී ලංකා ප්‍රධානී ලෙස සිය වගකීම් භාර ගන්නවා. සබුද්ධි ජාත්‍යන්තරය කරා යන ගමනේ දී සිදු කළ ප්‍රතිසංවිධාන යටතේ ඔහු සබුද්ධි ශ්‍රී ලංකා ධුරයට පත් වෙනවා. සබුද්ධි සභාපති ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලය, ප්‍රධාන විධායක ධුරයට පසුව තුන්වැනි ස්ථරයේ සබුද්ධි සංවිධානයේ ප්‍රමුඛ ධුරය වන්නේ සබුද්ධි ශ්‍රී ලංකා ප්‍රධානි ධුරය. ඉතිං සබුද්ධියන්ස්වරයකු ලෙසට ඔබගේ නව ගමනට අපි හදවතින් ම සුබ පතනවා.
ආචාර්ය තමීර මංජු
සභාපති - සබුද්ධි.
රටවටා ජනමාධ්‍යවේදී සංවිධානයේද ක්‍රියාකාරි සමාජිකයෙක් වන ඒ මහතාට එම සංවිධානයෙන්ද උණුසුම් සුභ පැතුම් එක් කර තිබුණි.