Sri Lanka
මාවනැල්ල සභාව පිහිටුවන්න බැරි වුන මාලිමා මන්ත්‍රීවරු එයාලාගේ කුහකත්වය පළමු සභාවාරයෙන් පෙන්නුවා.
165 | 2025-07-21 06:34 AM
මාවනැල්ල සභාව පිහිටුවාගන්න බැරි වුන කෙන්තිය පසුගිය 15 වැනි දින මාලිමා මාවනැල්ල සභාවේ මන්ත්‍රීවරු පෙන්වමින් සිටින බව හිටපු මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයෙක් වන දැනට සර්ව ජන බලය පක්ෂය නියෝජනය කරමින් මාවනැල්ල ප්‍රාදේශිය සභාව නියෝජනය කරන කේ.ජී. පියතිස්ස මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුයේ පසුගිය දින මාවනැල්ල ප්‍රාදේශිය සභාව පිහිටවිමෙන් පසුව පැවැති පළමු රැස්විම අවසනායේ මාධ්‍යවේදින් ඇසු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා මෙසේද පැවසිය.
ඔවුන් මහා සභාවට යෝජනා දුන්නා සංවර්ධන වැඩ වලට නමුත් ජනතාව ඔවුන්ට ජන්දය ලබා දී තිබෙන්නේ ගමේ පොදු වැඩ කරන බලාපොරොත්තුවෙන් නමුත් පොදු වැඩ වලට ඔවුන්ට ඉල්ලු යෝජනා මෙතන ක්‍රියාත්මක කරන්න යද්දි ඔවුන්ම ඉල්ලා අස්කරගන්නවා. එතන තමයි ඒ කුහකත්වය ප්‍රදර්ශනය වෙන්නේ. මම දන්නවා හිටපු සභාපතිවරයෙක් හැටියට මේ සභාව ගෙනයන්න ඔනෑ හැටි. ගෙවිම් සියල්ලට විරුද්ධව කටයුතු කරද්දි මෙ දක්වා පාලනය කලේ නිලධාරීන් යටතේ. අද සභාපති පාලනය කරද්දි නිලධාරීන් කරපු වියදම් ගෙවන්න වෙනවා. හරි දේ බලලා ගෙවන්න ඔනෑ. ඒවා ගෙවන්නේ නැතිව මේ සභාව ඉදිරියට ගෙන යන්න බැහැ. තෙල් ගහපුවා, ලයිට් බිල් වතුර බිල් වාගේ සියලු දේවල් තියෙනවා. නිලධාරීන් මේවා කරා කියලා අපිට ඒවා ගෙවන්නේ නැතිව ඉන්න බැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ කුහකත්වය ප්‍රදර්ශනය කරනවා කියලා. මම හිටපු සභාපති කෙනෙක් විදිහට අපි දන්නවා මේ සභාව අපිට ගෙනයන්න පුළුවන්. නවක සභාපතිවරයෙක් වුනත් ජේෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් නියෝජනය කරන නිසා වැඩේ කොහොමක් කරගෙන යන්න පුළුවන්. පක්ෂ පාට භේදයකින් තොරව ගම්වලට වැඩ කරන්න ප්‍රතිපාදන වෙන් වේලා තිබියදි මාලිමා මන්ත්‍රීවරුන් මේ ප්‍රදර්ශනය කරපු කුහකත්වය ගැන කණගාටුවක් තිබෙනවා.

සටහන මාවනැල්ල සමන් විජය බණ්ඩාර සහ අරණායක ලක්සිරි අලුත්වත්ත.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර