Sri Lanka
පළමු මාස පහේ සංචාරක ආදායම 11.9%කින් පහළ වැටේ
2026-06-22 10:02 AM
මෙම වසරේ පළමු මාස පහ තුළ මෙරට සංචාරක කර්මාන්තයෙන් ලැබුණු ආදායම පසුගිය වසරේ එම කාලසීමාවට සාපේක්ෂව අඩුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මහ බැංකු වාර්තාවකට අනුව, 2026 ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ සංචාරක ඉපැයීම් ලෙස මෙරටට ලැබුණු ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,360ක් ලෙස වාර්තා වී තිබේ.

කෙසේ වෙතත්, 2025 වසරේ ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 1,543.1ක් ලෙස සටහන් වී තිබූ අතර, ඒ අනුව මෙම වසරේ එම කාලසීමාවේදී සංචාරක ආදායම 11.9%කින් පහළ ගොස් ඇත.

එමෙන්ම, මෙම වසරේ මැයි මාසයේදී සංචාරක ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 155.7ක් වන අතර, පසුගිය වසරේ මැයි මාසයේදී එය ඩොලර් මිලියන 164.1ක් ලෙස වාර්තා වී තිබුණි.

මේ අතර, 2026 ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ විදේශ ප්‍රේෂණ ලෙස මෙරටට ලැබුණු මුදල අමෙරිකානු ඩොලර් මිලියන 3,909.7ක් බවද මහ බැංකුව සඳහන් කරයි.

පසුගිය වසරේ එම කාලය තුළ විදේශ ප්‍රේෂණ ආදායම ඩොලර් මිලියන 3,102.2ක් වූ අතර, ඒ අනුව මෙම වසරේ විදේශ ප්‍රේෂණවල වර්ධනයක් පෙන්නුම් කර ඇත


💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට