Sri Lanka
එකම අංකය සහිත කාර් රථ දෙකක් හෙම්මාතගමදී පොලිස් භාරයට
2026-06-09 03:06 PM
පොලිස්පතිතුමා විසින් ලබා දුන් තොරතුරකට අනුව හෙම්මාතගම පොලිසිය මගින් එකම අංකය යොදා ධාවනය කරන ලද කාර් රථ දෙකක් අත්අඩංගුවට ගත් බව අද 09 හෙම්මාතගම පොලිසිය පවසයි.

එයින් එක් කාර් රථයක් තංගල්ල ප‍්‍රදේශයේ වන අතර අනික් වාහනය හෙම්මාතගම පොලිස් බල ප‍්‍රදේශයට අයත් එකකි. හෙම්මාතගම පොලිස් ස්ථානාධිපති යු.ජී.චමින්ද ගුණරත්න මහතා පැවසීය.

ස්ථානාධිපතිවරයා පැවසුයේ වාහාන දෙකෙහි ඉදිරි විමර්ශන හෙම්මාතගම පොලිසිය මගින් සිදු කරමින් පවතින අතර අධිකරණය වෙත තොරතුරු වාර්තා කොට ඉදිරි නිතීමය කටයුතු සිදු කරන බවයි.

හෙම්මාතගම පොලිස් ස්ථානාධිපති යු.ජී.චමින්ද ගුණරත්න මහතා සහ හෙම්මාතගම පොලිසියේ රථ වාහාන අංශයේ ස්ථානාධිපති වයි.ඒ.වී.බී.සුරිය බණ්ඩාර යන මහත්වරුන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරයි.

සටහන සමන් විජය බණ්ඩාර
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට