Sri Lanka
හෙම්මාතගම ණය ආරවුලකින් පසු පුද්ගලයෙකු ජීවිතක්ෂයට පහරදුන් බවට පුතුගෙන් පොලිසියට පැමිණිල්ලක්.
2026-06-22 09:47 AM
ණයට ලබා දුන් මුදලක් ලබා ගැනීමට පැමිණි සිදු වු බහින් බස් විමකින් පසුව ආපසු එමින් සිටි පුද්ගලයෙකු සිහිසුන්ව ඇද වැටි අවාසනාවන්ත ලෙස මිය ගිය පුවතක් හෙම්මාතගම පොලිස් බල ප්‍රදේශයෙන් ඊයේ 21 රාත්‍රී 9ට පමණ වාර්තා වන බව පොලිසිය කියයි.
හෙම්මාතගම පොලිස් වසමේ මඩොල්බෝව හෙම්මාතගම ලිපිනයේ පිහිටි නිවසක් වෙත පැමිණි ගනේතැන්න මාවනැල්ල ලිපිනයේ පදිංචි පැමිණී පුද්ගලයෙකු තමාට අය විමට තිබු රුපියල් 28000 ක ණය මුදලක් සම්බන්ධව ඉහත ලිපිනයේ පදිංචි මොහොමඩ් හනිෆා යන අයගෙන් ඉල්ලා ඇති අතර එම අවස්ථාවේ මොවුන් දෙදෙනා අතර බහින් බස් විමද සිදු වි ඇත. පසුව මුදල් ලබා ගැනීමට නොහැකි වු සිත් තැවුලෙන් පොලිසිය වෙත පැමිණෙන බව පවසා පැමිණී එම පුද්ගලයා මද දුරක් පැමිණෙන විට සිහිසුන්ව වැටිම නිසා ප්‍රදේශවාසීන් එක්ව හෙම්මාතගම ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති අතර එම අවස්ථාවේ ඔහු මිය ගිය බව පොලිසිය කියයි.
නමුත් පොලිසිය වෙත කට උත්තර ලබා දුන් මිය ගිය අයගේ පුතනුවන් පවසන්නේ තමාගේ පියාට පුද්ගලයින් හතරදෙනෙකු පහර දෙන බව දුරකථන ඇමතුමක්ද ලබා දුන් බවත් ඒ අනුව තමා විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංශය වෙතද දුරකථන පණිවිඩයක් ලබා දුන් බවද පැවසීය.
කෙසේ වෙතත් මෙම සිදු විමෙන් පසුව මඩොල්බෝව, හෙම්මාතගම ලිපිනයේ පදිංචි මොහොමඩ් තාහිර් මොහොමඩ් හනිෆා වන අය හදිසියේ පපුවේ අමාරුව බව පවසමින් ගම්පොල මූලික රෝහල වෙත ඇතුලත් කර ඇත.
මේ සම්බන්ධයෙන් හෙම්මාතගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති යු.ජී.චමින්ද ගුණරත්න මහතා ඇතුලු නිලධාරීන් පරීක්ෂණ සිදු කරයි.

මාවනැල්ල සමන් විජය බණ්ඩාර
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට