Sri Lanka
දැරියකට ලිංගික අතවර කළේ යැයි චෝදනා ලැබු අරණායක මන්ත්‍රීට ඇප... වෛද්‍ය පරීක්ෂණයෙන් සත්‍ය හෙළිවෙයි.
2026-06-11 04:36 PM
බාල වයස්කාර දැරියකට ලිංගික අතරවැරයක් සිදු කරේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් අරණායක ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයාට මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඊයේ 10 වැනිදා ඇප ලබා දුන් බව පොලිසිය පවසයි.
මෙලෙස මන්ත්‍රීවරයාට ඇප නියම කරන ලද්දේ අදාල අතරවයට ලක් කරා යැයි පොලිසිය වෙත පැමිණිලි කරන ලද දැරිය වෛද්‍ය පරීක්ෂණයක් වෙත භාජනය කිරීමෙන් පසුවයි. එම වෛද්‍ය පරීක්ෂණ වලින් ඔප්පු වි ඇත්තේ දැරියට ලිංගික අතවැරයක් සිදු වි නොමැති බවයි.
සැකපිට අත්අඩංගුවට ගෙන ඇප ලබා ගත් මන්ත්‍රීවරයාගෙන් අප කරන ලද විමසීමදි එතුමා පැවසුයේ. මෙම කරුණ සම්බන්ධයෙන් අධිකරණය ලබා දෙන සෑම තින්දුවකට හිස නමා අචාර කරන බවයි. දරුවන් සිටින දෙමාපියෙකු වශයෙන් සමාජයේ ක්‍රීයාකාරි දේශපාලනයේ නියලෙන පුද්ගලයෙකු ලෙස මෙවැනි අපරාදයක් කිරීමට තමා කිසි විටකවත් කටයුතු නොකරන බවත් ඒ පිළිබඳව ඉදිරියේදි පැවැත්වෙන නඩු තීන්දු වලින් ඒ පිළිබඳව මහජනතාවට දැන ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවද එතෙම පැවසීය.
එමෙන්ම වැරද්දක් සම්බන්ධයෙන් තමා ඔනෑම මොහොතක නිතීය ඉදිරියේ වැරද්ද පිළිගැනීමට සුදානම් වන බවයි මන්ත්‍රීවරයා පවසා සිටියේ. මෙම සිදු විම තමා දේශපාලන වශයෙන් අස්ථාවර කිරීමට ගත් කුමන්ත්‍රණයක් වන අතර මෙවැනි සිදු විම් හරහා තමා දේශපාලන වශයෙන් අස්ථාවර කිරීමට නොහැකි වන බවද මන්ත්‍රීවරයා පවසා සිටියා.
අවසාන වශයෙන් මන්ත්‍රීවරයා පැවසුයේ තමා හෝ ඔනෑම පුද්ගලයෙකු සැකකාරයෙකු වු පසුව ඒ පිළිබඳව සමාජ මාධ්‍යයේ ඔහුට පෙරලා පහර දීමට පෙර දෙවරක් සිතා බලා එම කටයුතු සිදු කරන ලෙසයි. අනාගතයේ මෙම තාක්ෂණ දියුණුව මෙවැනි කටයුතු මගින් තිරිසන් වන තත්වයක් උදා විම වැලක් විමට නිතීය නිර්මාණය විය යුතු බවද පැවසීය.


💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට