මාවනැල්ල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපිට එම විදුහලේ දෙමාපිය එකමුතුව සමාජික සමාජිකාවන් විසින් අද 25 උදෑසන උද්ඝෙෘ්ෂණයක නිරත වු අතර එය පැයකට ආසන්න කාලයක් පාසල ඉදිරිපිට අරණායක මාවනැල්ල ප්‍රධාන මාර්ගය අසලදි පැවැත්වුණි.
එම පාසලේ දෙමාපිය එකමුතුව මෙලෙස උද්ඝෙෘ්ෂණයක ( මයුරපාද සුරකිමේ දෙමාපිය එකමුතුව ) නිරත වුනේ එම පාසලේ විදුහල්පතිනියක ලෙස කාලයක් කටයුතු කර විදුහල්පතිනිය නැවත එම පාසලට පත් කිරීමට විරෝධතාවය පල කරමිනි. එම විදුහලෙන් විනය පරීක්ෂණයක් හේතුවෙන් ඇය මිට ඉහත ඉවත් කර තිබෙන අතර ඇය නැවත විදුහල වෙත පත් කිරීමට විරෝධතාවය දක්වමින් දෙමාපිය එකමුතුව මෙලෙස විරෝධතාවය පල කරන ලදි.
මෙ වන විට පාසලේ තාවකාලිකව විදුහල්පති වශයෙන් කටයුතු කරන ඊ.ජී.පී.අයි.ධර්මතිලක යන අය මෙහි විදුහල්පති ලෙස පත්කරන ලෙස අධ්‍යපන බලධාරීන් වෙත බලකිරීම සඳහා මෙම විරෝධතාවය දක්වන ලදි. පසුව එම ස්ථානයට පැමිණි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ.ඒ.අයි.යු. ජයකොඩි මහතා විරොධතාකරුවන්ට මෙම ගැටලුව විසදීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව පැවසීමෙන් පසුව විරෝධතාවයට පැමිණි පිරිස විසිර ගියහ.
මාවනැල්ල සමන් විජය බණ්ඩාර