Sri Lanka
බේරුවල ධීවර වරාය මාර්ගයේ වෙළඳාම අහිමි වූ වෙළෙඳුන් පාරට බසියි!
2026-05-19 07:53 PM
බේරුවල නගර සභාවට අයත් බේරුවල ධීවර වරාය මාර්ගයේ රේගුව පාර ප්‍රදේශයේ වසර ගණනාවක සිට මෙම වෙළදුන් වෙළඳාම් කටයුතුවල අලුයම තුනේ සිට සවස දෙක තෙක් සිට ඇති බව ඔවුන් පවසනවා.
දැනට සතියකට පමණ ඉහතදී බේරුවල නගර සභාව විසින් මෙම වෙළදුන් ඉවත් කිරීම නිසා එම වෙළඳුන්ට එම අවස්ථාව අහිමිවීම සම්බන්ධයෙන් ඔවුන් අද උදෑසන බේරුවල රේගුව පාරේදී විරෝධතාවයක නිරත විය. ඔවුන් එහිදී විවිධ පුවරු අතැතිවකියා සිටින්නේ පැය හතරක පමණ කාලයකට සීමා වන මෙම වෙළඳාම් කටයුතු සිදුකර ගෙන යාමට නගර සභාවේ සභාපතිවරයාගේ කැමැත්ත ලබා දෙන ලෙසත් එහිදී නගර සභාව ලබාදෙන ඕනෑම කොන්දේසෙකට යටත්ව මෙම වෙළඳාම් කටයුතු සිදු කරගෙන යාමට ඔවුන් කැමති බවත් කිය. මෙම විරෝධතාවයට අලුත්ගම බේරුවල පයාගල වෙළඳුන් මෙන්ම දොඩංගොඩ ඇතුළු ප්‍රදේශවල අයවලින්ද සිටියහ. මේ පිළිබඳ බේරුවල නගර සභාවේ සභාපති එම් ඒ එම් මබා සීම් මහතා සඳහන් කර සිටියේ මෙම මග දෙපස වෙළඳාමින් දිනෙන් දින මහජන පීඩා ඇතිවන බවත් මෙම වෙළඳාම මුවාවෙන් ඇතැම් වෙළදුන් අයිස් සහ විෂ මත්ද්‍රව්‍ය වෙළඳාම් කරන බවටත් ප්‍රදේශවාසීන්ගෙන් මෙන්ම ආරක්ෂක අංශවලින් ලැබුණු තොරතුරු සැලකිල්ලට ගෙන මෙම වෙළඳාම් අවට පදිංචිකරුවන්ටද බාධාවක් වන බව දන්වමින් ලිඛිතඑවා ඇති පැමිණිලිද සැලකිල්ලට ගෙන ඉකුත් 13 දින සිට වෙළඳාම් කිරීම් නවතා දැමීමට කටයුතු කරන බවයි. එම තීරණයට පිටින් අනවසර වෙළඳාම් තවදුරටත් කරහොත් නිති මගින් කටයුතු කරන බවද නගර සභාපතිවරයා සඳහන් කළහ. මෙහිදී තවදුරටත් අප වෙත සඳහන් කළේ බේරුවල නගර සභාව මැදිහත්ව වෙරළ ක්‍රීඩාංගන සංවර්ධන ව්‍යාපෘතිය තව නොබෝ දිනකින් ආරම්භ කරන බවත් එම කටයුතු වලට වෙළෙඳුන්එම ස්ථානයේ සිටියහොත් බාධා සිදුවිය හැකි බැවින් මෙම තීරණය කණ්ඩායමේ නියෝජිතයන්ට දැනුම් දුන් බවයි. එම වෙළදුන්ට මෙම මාර්ගය හැරසුදුසු ස්ථානයක් සොයාගෙන කටයුතු කරන ලෙසද දැන්වූ අතර ඔවුන් දැඩි නොසතුටින් නගර සභාවෙන් පිටව ගියහ. එම විරෝධතාවය ඇතුළු අවස්ථාවල ඡායාරූප. විස්තර හා ඡායාරූප තුසිත කුමාරද සිල්වා
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට