Sri Lanka
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට ඇගයීමක්
2026-05-19 07:44 PM
මවගෙන් දරුවාට HIV සහ උපදංශ (Syphilis) සම්ප්‍රේෂණය මහජන සෞඛ්‍ය ගැටලුවක් නොවන මට්ටමට අවම කරමින් එම තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාවට විශේෂ ඇගයීමක් ප්‍රදානය කර තිබේ.

මෙම ඇගයීම් සහතිකය අද (19) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන 79 වන ලෝක සෞඛ්‍ය සමුළුවේදී ශ්‍රී ලංකාව වෙත පිරිනමා ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන් සහ ගෝලීය උපදේශන කමිටු නිර්දේශයන්ට අනුකූලව, මවගෙන් දරුවාට HIV සහ උපදංශ සම්ප්‍රේෂණය පාලනය කිරීමේදී ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය ඇගයීමට ලක් කරමින් මෙම සම්මානය ප්‍රදානය කර තිබේ.

ඇගයීම් සහතිකය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Dr. Tedros Adhanom Ghebreyesus විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වෙත ප්‍රදානය කරනු ලැබීය.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට