Sri Lanka
"ජීවිතය දිනන්න නම් සැලසුමක් වගේම ධර්මයත් ඕනෑ" - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සම්පත් දේවප්‍රිය
2026-05-19 03:20 PM
“ මම 5 සහ 6 වසර ඉගෙන ගන්න කාලයේ මාගේ පන්තියේ ළමයින් 42 ක් හිටියා මම පන්තියේ 41 වැනියා. 41 වැනියා වුනු මම පාසලේ කිහිප අවස්ථාවක්ම ගුරුවරු අතරත් පාසලේ අනෙක් සහෝදරයන් අතරත් ලැජ්ජාවට පත් වුනා. මම ටික දවසක් යද්දි තේරුම් ගත්තා මේ ගමන වෙනස් කරලා වෙනස් ගමනක් යන්න ඔනෑ කියලා. ඒ ආරම්භ කරපු වෙනස සාමන්‍ය පෙළින් උසස් පෙළින් විශ්ව විද්‍යාලය දක්වා යන්න උදව් කර ගත්තා. ඔයාලාගේ වාගේම මමත් දුෂ්කර ප්‍රදේශයක් විදිහට සලකන බදුල්ලේ වැලිමඩ. දැන් මම රුහුණු විශ්ව විද්‍යාලයේ කථීකාචාර්ය මාගේ පශ්චාත් උපාධිය නොර්වේ රටේ. මම මාගේ ප්‍රගති වාර්තාව ගැන කිවේ මෙතන ඉන්න පුතාලා දුවලාටත් මේ ගමන වෙනස් කරන්න පුළුවන් කියන දේ කියන්නටයි ” යනුවෙන් යැයි පැවසුයේ එළබෙන වෙසක් සතියට සමගාමීව පසුගිය සතියේ හෙම්මාතගම කෑ/මාව කෙහෙල්පන්නල කනිෂ්ඨ විද්‍යාලයේ පැවැති ආගමික වැඩසටහනට එක් වෙමින් රුහුණු විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථීකාචාර්ය සම්පත් දේවප්‍රීය මහතාය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු කථිකාචාර්යවරයා මෙසේද පැවසීය
අපේ ජීවිතයේ වෙනසක් කරන්න ඔනෑ නම් සැලසුමක් එක්ක වැඩ කරන්නම වෙනවා. අපි වැඩ කරන්න ඔනෑ ධර්මානුකූලවයි. ධර්මයෙන් ඉදිරියට යන්නේ නැති කෙනෙක් කොයි වේලාවක හරි අනික් පැත්තට වැටෙන්න පුළුවන්.
මම සරල උදාහරණයක් කියන්නම් ශ්‍රී ලංකා ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරීයා කියන්නේ ලේසි තනතුරක් නෙවෙයි. එම ගුවන් සේවයේ සියලුම පරිපාලන කටයුතු සම්බන්ධයෙන් හිටපු නිලධාරියා. මොකද වුනේ අවසනාවන්ත විදිහට බෙල්ලේ වැල දාගත්තා. නමුත් දහම තිබුණානම්, දහමේ පිහිට වුවානම්, සතිමත් බව තිබුණානම් හැම දේම සිහියෙන් කරනවා නම් ඒ දේවල් නොවි අපේ ඉලක්ක වලට යන්න තිබුණා. එක තමයි සරලම කතාව.
ඒ නිසා දහමේ පිහිටුවලා වැඩ කරන්න. ජිවිතය වරද්දා ගන්නේ නැහැ. ගොඩාක් මිනිස්සු වැඩ වරද්දා ගත්තේ දහමේ සිට කටයුතු නොකර වරදින්. යැයිද පැවසීය.
කෙසේ වෙතත් මෙම වෙනස්ම විදිහේ ආගමික වැඩසටහනක් සංවිධාන වි පසුගිය 16 වැනි සෙනසුරාදා පාසලේදි දවස පුරා එම කටයුතු සිදු වුනි.
වර්තමානයේ පාසල් දරුවන්ගේ මෙන්ම තරුණ පරපුර තරමක වෙහෙසකර සහ විඩාබර මෙන්ම විෂම සමාජයේ විවිධ වෙනස් විම් සමග වැඩකිරීමේදි පවතින ගැටලු මත වැඩිහිටි ඔවදන් ගැන සැලකිල්ලක් නොදක්වමින් කටයුතු කරන ඉතා නරක කාලයක් දැන් උදා වි ඇත. වර්තමානයේ පවතින එම ගැටලුකාරි තත්වයන් සමහර විට කෙලවර වන්නේ රෝහල්ගත විමකින් හෝ මරණයකිනි. ඒවා සුලබ කාරණාවන්නට තරම් සමාජය වෙනස් පරිවර්තනයකට පත් වි ඇත. එමෙන්ම බොහෝ තරුණ දරුවන් මත්ද්‍රව්‍ය වලට යොමු වි කටයුතු කරන අතර සමහර විට පාසල් දරුවන්ලෙන් ද සමරක් වැඩි වශයෙන් මෙ නරක පුරුදු වලට අබැහි වි ඇත.
එවැනි තරුණ වැඩිහිටි පරපුරට අත්වැලක් ලබා දී ඔවුන් යහපත් පරිවර්තනයක් සිදු කර ගන්නට නුවරඑළියේ ශ්‍රී සංඝමිත්තා භාවනා මධ්‍යස්ථානයේ දායක සභාවේ තරුණ කණ්ඩායමක් දැනට කාලයක සිට විවිධ වැඩසටහන් දිවයින පුරා පාසල් මට්ටමින් විහාරස්ථාන සහ දහම් පාසල් මට්ටමින් සිදු කරගෙන යයි. කිසිදු මුදලක් බලාපොරොත්තුවකින් තොරව තම සංවිධානය මගින් සිදු කරන මෙම කටයුත්ත වෙනුවෙන් දිවයිනේ නම් දෙසින් පාසල් ගුරුවරුන් මෙන්ම විශ්ව විද්‍යාල සිසු කණ්ඩායම් විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් මෙන්ම මහා සංඝරත්නය තෝරා ගත් ප්‍රදේශයක හෝ පාසලක පැවැත්වෙන වැඩසටහන් වලට සම්බන්ධ වෙමින් දරුවරුන් මෙන්ම වැඩිහිටියන්ට උපදෙස් ලබා දෙමින් විවිධ වැඩසහන් සිදු කරන බව මෙම සංවිධානයේ නිර්මාතෘ සඳරුවන් ශ්‍රී මධුශංක මහතාගෙන් අපට දැනගැනීමට හැකි විය. මෙම සංවිධානය “ සුඛා පටිපදා ” තරුණ සංවිධානය ලෙසද හදුන්වයි.
එහිදි කාලීන ධර්මදේශනා, භාවනා වැඩසටහන්, දරුවන්ට පන්ති මට්ටමින් යහපත් හොඳ පුරුදු සහ මාන්සික හිත සුව පිණිස වැඩසටහන් මෙන්ම අධ්‍යාපනය සිදු කරගන්නට අවශ්‍ය උපදේශයන් එහිදි ලබා දෙන ලදි. මත්ද්‍රවය වලට යොමු විමේ අනිසි ප්‍රතිවිපාක මෙන්ම සමාජයේ රටේ යහපත් පුරවැසින් ලෙස සිය අනාගතය සාර්ථික කර ගැනීමට අවශ්‍ය උපදෙස් මෙහිදි ලබා දෙන ලදී.
පාසල වෙසක් කූඩු සහ වෙසක් සැරසිලි වලින් ආලෝකමත් කර ඔවුන් විසින්ම දරුවන් සහ දෙමාපියන් වෙනුවෙන් දන්සල් යනආදියද පවත්වා මෙම ආගමික කටයුත්ත සිදු කර අතර පාසලේ සියලු දරුවන් වෙනුවෙන් අභ්‍යාස පොත් මෙන්ම පාසල් උපකරණ රැසක්ද මෙම පිංකමට අමතරව ඔවුන් විසින් පාසල වෙත ලබා දෙන ලදි.
තම වියදමින් සතියක් පුරාවට නේවාසිකව සිට ආගමික කටයුතු සිදු කරන මෙම කණ්ඩායමේ සිටින සෑම සමාජිකයෙකුම සතර පෝයට සිල් සමාදන් විම හැකි සෑම අවස්ථාවකම භාවනා යනආදිය සිදු කිරීම කර යුතු අතර ඉතා සිල්වත් සෑම ප්‍රශ්නයක් හමුවේම ඉතා ඉවසීමෙන් කටයුතු කර හැකි වන පරිදි ඉතා හික්මුණු කණ්ඩායමකි.
දිවයිනේ නම් දෙසින් තරුණ සමාජිකයන් මෙහි වන අතර ඔවුන් මොන රැකියාවක නිරත වුනත් තමන්ට හැකි හැම අවස්ථාවකම මෙම ආගමික කටයුතු වලට ඉතා කැමැත්තෙන් සහභාගි වි කටයුතු කරන්නේය. කෙහෙල්පන්නල කනිෂ්ඨ විද්‍යාලයේ පැවැත්වුණු වැඩසටහන සඳහා මග පෙන්විම සිදු කරන ලද්දේ හෙම්මාතගම අම්බුළුවාවේ පදිංචි පාසලේ දෙමාපියෙක් වන අතර විද්‍යාලයේ විදුහල්පති නිශ්ශංක ප්‍රේමරත්න සහකාර විදුහල්පතිනිය වන තිලිණි මදූකා නියොජ්‍ය විදුහල්පති ගීතා අධිකාරම් ඇතුලු පාසලේ ගුරුවරුන්ගේ මෙන්ම දෙමාපියන්ගේ සහයෝගය මෙම වැඩසටහන සංවිධානය කිරීම වෙනුවෙන් ලැබුණි.

ජායාරූප සහ සටහන මාවනැල්ල සමන් විජය බණ්ඩාර
Facebook හරහා කියවන්න
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට