Sri Lanka
අලුත්ගම පොලිස් ස්ථානයට නව සුභසාධක වෙළෙඳ සැලක් විවෘත කරයි
2026-05-18 01:17 PM
අලුත්ගම පොලිස් ස්ථානයේ නවපොලිස් හාමහජන සුභසාධක වෙළඳසැලක් ස්ථාපිත කර කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්අධිකාරී කේ ඒ උදය කුමාර මහතා අතින්පිත්ත පටියක් කපා පසුගිය (14) වන දිනඑමසුභසාධකවෙළද සැලඅලුත්ගම පොලිස් ස්ථානයේදීවිවෘත කළේය. අලුත්ගම පොලිස් ස්ථානයේ සේවයෙ නියුතු නිලධාරීන්ට හා මහජනතාවට සුභ සාධන මිල ගණන් යටතේ මෙම වෙළඳසැලෙන් භාණ්ඩ අලෙවි කිරීමේ අරමුණෙන් අලුත්ගම පොලිස් ස්ථානාධිපති සම්පත් සංජීව මහතා මෙම සුභසාධකවෙළඳසැල කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.ඒ උදය කුමාර මහතාගේ උපදෙස්හා ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට කටයුතු කළහ.. මෙම වෙළඳසැලේ ප්‍රථම ගනුදෙනුව දර්ගා නගරයේ ව්‍යාපාරික ජෙමිල් රිෆ්ලාස් මහතා සිදුකළහ. මෙහිදිකළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.ඒ උදයකුමාර මහතා සහ පොලිස් ස්ථානාධිපති සංජීව සම්පත් යන මහත්වරු මේ පිළිබඳව කෙටි අදහස් දැක්වීමක් ද සිදු කළහ.

අලුත්ගම තුසිත කුමාරද සිල්වා
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට